ලියන්න කලින්ම කියන්න ඕන මම මේ පෝස්ටුව ලියන්න හීනෙකින් වත් හිතපු එකක් නෙමේ කියන එක . ඒත් ඉතිං ජීවිතේ ,ලෝකේ ඈ....... දේවල් වෙන්නේ අපිට ඕන හැටියට නෙමෙයි නේ . ඒක් හින්දා මම මේක ලියනවා ඔබට තවත් ටිකක් හිතන්න කාරණාවක් කියන්න . මේකට මූලිකම හේතුව තමයි පෙරේදා එහෙම නැත්නම් 2014 , ජූලි 16 වෙනිදා (මම මේක ලියන්නේ 2014 ජූලි 18 පෙ:ව 1:30ට ඈ.. ) හවස යුක්රේනයේNear Hrabove, Donetsk Oblast, Ukraine
48°7′56″N 38°39′19″E මේ කියන ට තැනට කඩාගෙන වැටුණ ඇම්ස්ටර්ඩෑම් වල ඉඳලා කුවාලාල්ම්පූර් වලට ගමන් ගත්ත Boeing 777-200ER වර්ගයේ MH 17 මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය . මගියෝ 283 , කාර්ය මණ්ඩලය 15 යි ඔක්කොම 298 , එකෙක්වත් බේරුනේ නෑ ඔක්කොම මැරුණා . ගියේ මීටර් 10,000 ක් උඩින් . ඔන්න මතක තියාගන්න හරි
ඊට කලින් ඔහොම එකක් උනා ඒත් මැලේසියානු ගුවන් සේවයට අයිති MH 370 යානය , නැති උනේ 2014 මාර්තු 08 , මගියෝ 227 කාර්ය මණ්ඩලය 12යි ඔක්කොම 239 , ගියේ කුවාලාලම්පූර් වල ඉඳලා බෙයිජිං වලට ,යානය ආ ගිය අතක් නෑ , මොකුත් වෙන්නේ නැතුව තියනවානම් ලෝකෙ පීරලා හොයලත් නෑ නේ ,කොහොම හරි ඒකේ ගියපු 239 ඉවරයි නේ , කියන්නේ මැරිලා .මතක තියාගන්න
මම මේ ඔබට කිව්වේ මේ මෑතකම උන සිද්ධි 2ක් , එකම සැරේට ගොඩාක් දෙනෙක් මැරුණ .මේ සිදුවීම් දෙක දැකපු ඔබ මොහොතක් කල්පනා කලද මේ මැරුණු මිනිස්සුං ගේ ජීවිත ගැන මොහොතක් . එක තැනකින් ගුවන් යානයකට නැගලා තව තැනකින් බහින්න හිතාගෙන යානයට නැඟපු මිනිස්සුන්ට ආයෙ බහින්න හම්බවෙන්නේ නෑ .අතර මැද අහසෙදී ඒ බලාපොරොත්තු හැම එකක්ම විනාස වෙලා යනවා . හිතන්න තමන් හදිස්සියේ අනිවාර්යයෙන් මැරෙනවා කියලා හිතෙද්දී හිතට දැනෙන හිතෙන සිතුවිලි කොච්චරක් වෙන්න පුලුවන්ද කියලා ඔබට හිතාගන්න පුලුවන්ද ? , එක දශමයක හරි පුංචි හරි අදහසක් තියනවද? ඇස් දෙක පියාගෙන මනසින් ඒ තැනට ගිහින් හිතන්න මොහොතක් එතකොට ඔබට හිතේවි මේ ජීවිතය කියන එක මොන තරම් අස්ථීරද කියන එක . බුදුන් වහන්සේ කියන්නේ ජීවිතය හරියට පහන් දැල්ලක් වගේ කියලා කොඉ මොහොතේ හුළඟක් ඇවිත් නිවිලා යන්න පුලුවන්ද කියලා කාටවත් කියන්න බෑ , ජීවිතය තණකොළ ගහක් අග තියන පිනි බිංදුවකට උපමා කරනවා . තද හුළඟකට කොඉ වෙලාවෙ බිමට වැටෙයිද දන්නේ නෑ . ඔබට පේනවද මේ සිදුවීම් දෙක මම කලින් කියපු සිදුවීම් වල මිනිස්සුන් ගේ ජීවිතත් එක්ක මොන තරම් ලස්සනට ගැලපෙනවද කියලා . අමතක කරන්න එපා මේ උපමාවන් ඔබේ ජීවිතයත් එක්ක ගැලපෙන වෙලාව ඊලඟ මොහොත වෙන්න පුලුවන් . බොහොම දේනෙක් බයයි අවාසනාවට මරණය ගැන කතා කරන්නවත් . මොකද ඒ මෝඩ මිනිස්සු හිතනවා මරනය ගැන කතා කලොත් ඉක්මනට මැ රෙන්න වෙඉ කියලා ඒ තරම් මරණය කියන මාතෘකාව අසුබයි කියලා හිතනවා . හැබැයි මරණය ගැන කතා කලත් නොකලත් මැරෙන්න බය උනත් නැත්තත් වෙලාව ආවම මැරෙන්න වෙනවා කාට උනත් , ඒක වලක් වන්න බෑ
මේ දෙවෙනි ගුවන් අනතුරේ හරි අපූරු සිදුවීම් 2ක් තියනවා ඔබ දන්නවද ?
පලවෙනි එක මේක ,MH17 යානයට නැගීමට පෙර නෙදර්ලන්ත වැසියෙකු Facebookහි පළ කළ අදහස කෙරෙහි ලෝකයේ ම අවධානය යොමු වෙලා තියනවා . වැඩේ කියන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොළෙන් MH17 යානයට ගොඩ වීමට කලින් මෙයා Facebook වෙබ් අඩවියේ පළ කළ ඡායාරූපයක් සහ අදහසක්දිහාට මේ වන විට ලෝකයේ ම අවධානය යොමු වෙලා තියනවා . කෝ පෑන් (Cor Pan) කියන මෙම පුද්ගලයා නෙදර්ලන්තයේ වොලන්ඩෑම් ප්‍රදේශයේ පදිංචිකාරයෙක් . ඔහු MH17 යානය කඩා වැටෙන විට එහි ඉඳලා තියනවා හැබැයි අනතුරින් මිය ගියා මෙයා කෝ පෑන් MH17 යානයට ගොඩ වීමට පෙර එහි ඡායාරූපයක් ගෙන Facebook වෙබ් අඩවියේ පළ කර තිබුණේ, ‘If it disappears, this is what it looks like.’ (මේක අතුරුදන් වුණොත් යානය තිබුණේ මේ විදිහට යි) යනුවෙන් අදහසක් පලකරමින් . MH370 යානය මීට පෙර අතුරුදන් වූ හෙයින් මෙම අදහස ඔහු පළ කරන්නට ඇත්තේ, එය සිහියේ තබාගෙන වෙන්න ඇති . කොහොම උනත් , එම යානය ඔහුත් එක්කම විනාශ වෙනවා.
මේ ලින්ක් එක කෝ පෑන් ගේ ෆේස් බුක් පිටුවට , මෙතනින් ගිහින් බලන්න
ඔබට පේනවද ඔහුට මරණය ගැන යම් සූදානමක් තිබිලා තියනවා . ඔබේ සූදානම කොහොමද මරණයට ? . හදිස්සියේ ඔබටත් මෙහෙම මැරෙන්න උනොත් (මම කියන්නෑ ප්ලේන් එකක ගිහින්ම කියලා ) මොකද වෙන්නේ . මැරෙන්න ක්‍රම කෝ000000000000000000 ටියක් තියනවා . මම කියන්න ඕන නෑනේ .පේනවානේ අද මිනිස්සු මැරෙන් න විදිය . හිතන්න මොකක්ද ජීවිතය කියන්නේ කියලා . පහලට දාපු හුස්ම ආයේ ඉහලට ගන්න බැරි උනොත් මොකද වෙන්නේ ,උඩට ගත්ත හුස්ම ආයේ පහලට දාන්න බැරි උනොත් මොකද වෙන්නේ ?ඉවරයි නේ ....... වෙන දෙයක් ඕන නෑ ආයේ . ජීවිතය කියන්නේ ඔයවගේ ජීවිතයයි මරණයයි අතර පරතරය එක හුස්මයි . මම ඔබට කියන්නේ මරණය කියන එක හැම වෙලාවෙම බලාපොරොතු වෙන්න කියලා . එහෙම බලාපොරොත්තු වෙන් හිටියොත් ආපු වෙලාවට කලබල වෙන්න දෙයක් නෑ .මොකද ඔබ බලාපොරොත්තු නොවුන දෙයක් නෙමේ .. දැන් ගෙදරකට උනත් කවුරු හරි හදිස්සියෙන් ආවොත් ඔබ කලබලවෙනවානේ .හැබැයි ඒ එන කෙනා කලින් ඒවි කියලා සූදානමෙන් හිටියොත් කිසි ප්‍රශ්නයක් නෑ නේ .ඇයි පිලිගන්න බලාගෙනමනේ හිටියේ . මරණය කියන්නේ අමුත්තෙක් නෙමේ . ඔබේ ජීවිතයට අනිවාරයෙන් එන කෙනෙක් එන වෙලාව නොකීවට .ඒක නිසා මම කියන්නේ ලෑස්ති වෙන්න මරණය පිලිගන්න .
ප්ලේන් එකේ ගියපු හැමෝම මැරෙන්න ඇති , ඒත් කෝ පෑන් වගේ අය එයට කලබලයක් නැතුව මුහුණ දෙන්න ඇති , මම අහන්නේ ඔබ කොහොමද මරණයට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කියලා ? ඒ තමයි මරණානුස්සතිය , ජීවිතය මරණයට බිය නොවී මුහුණ දීමට පුරුදු කිරීම . ඔන්න මම මෙච්චර වෙලා කියවපු ටිකත් එපා කරවන්න වගේ නේ යන්නේ . මේ කතාව මම මෙතනින් නතර කරලා ඔබට මම සරලව කියලා දෙන්නම් කොහොමද ඒ කියලා , මොකද මට තවත් කතාවක් තියෙනවා කියන්න .
මම කිව්වානේ කලින් හැම වෙලා වෙම මරණය බලාපොරොත්තු වෙන්න කියලා . ඒකෙන් බොහොම දුරට බය නැති වෙනවා . ඔබට තේරෙනවද කලින් හිතලා තියනවද මැරෙනවා කියන එක හරින්ම සාමාන්‍ය දෙයක් කියලා . සාමාන්‍ය දෙයක් කියන්නේ ඊට වැඩිය සාමාන්‍ය දෙයක් මට මේ තුන් ලෝකෙම පේන්නේ නෑ ඒ හරමට සාමාන්‍යයි නේ ............ හැබැයි එච්චර සාමාන්‍ය දෙය ට මිනිස්සු අද මේ ලෝකේ පලවෙනි වතාවට වෙන්න යනවා වගේ බයවෙනවා . මැරුණාම කවු රු හරි ලෝකේ පලවෙනි වතාවට එකෙක් මැරුණා වගේ අඩනවා , වැලපෙනවා , හිතා ගන්න බෑ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ කියලා . මේක කියවන ඔබට තේරෙනවද මිනිස්සු කොඉ තරම් මරණයට සූදානම් නැත්ද කියලා ? මම කියන්නේ සාමාන්‍ය දේ අසාමාන්‍ය කරගන්න යන්න එපා හරිද ? එතකොට හරි අමාරුඉ ඒකට මූණ දෙන්න . මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ හැමෝම දන්නවානේ ඉපදුනොත් මැරෙන්න වෙනවා කියලා . ඒක ගැන මතක් කරන්න ,නිතරම හිතන්න , පණ පිටින් ඉන්න ගමන් දවසට සිය දාස් වතාවක් හිතෙන් මැරෙන්න . හිතෙන් ඒ අවස්ථාවට මූණ දෙන්න . එතකොට සැබෑවටම ඔබට එහි වෙනසක් නොදැනේවී .
මම මෙහෙම මරණය ගැන කතා කරනකොට සමහරවිට අපේ තරුණ මගේ වයසේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ හිතන්න පුලුවන් අපි තාම තරුණ කට්ටියනේ අපි තවම මැරෙන්නේ නෑ කියල . එහෙම හිතෙන උන් ඉන්නවානම් බලපල්ලා ගිහිල්ලා ඔය කඩා වැටුණ ප්ලේන් දෙකේ කොච්චර තරුණ අය ඉන්නවද කියලා . මතක තියාගන්න පොල් ගහක් ගත්තාම ඒකේ පොල් ඇට්ටිත් වැටෙනවා ,කලටිත් වැටෙනවා , කුරුම්බත් වැටෙනවා , පොලුත් වැටෙනවා , සමහර වෙලාවට පොල් ගෙඩි කරවෙලා වැටෙන්නේ නැතුව එල්ලිලත් තියනවා කියලා , ඒ වගේම කොහොමටවත් වැටෙන්නේ නැති ඒවා කඩලා දානවත් කියලා මතක තියා ගන්න ඔබ .
මං මේ කල්පනා කලේ දෙවෙනි කතාවත් මේත් එක්කම කියනවාද කියලා ?
ඔන්න ඔහේ කියන්නම් නේ ලිපිය ටිකක් දිග වෙනවා ඈ................... මේකයි කතාව . මේ ප්ලේන් එකේම යන්න ගිහින් 99යි තුන්කාලෙන් ජීවිතය බේරගත්ත බ්‍රිතාන්‍ය පවුලක් හිටියා . මේගොල්ලෝ ගැලවිලා තියන්නේ එයාලා ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොලට ආපු වෙලාවේ එහේ හිටිය ක්කර්ය මණ්ඩලය කියලා තියන්නේ ප්ලේන් එකේ සීට් ඔක්කොම ෆුල් වෙලා වෙන ප්ලේන් එකක කුවාලාලම්පූර් වලට යන්න කියලා . වෙලාවට නොගියත් එයාලත් යන්න ඉඳලා තියන්නේ m h 17 ප්ලේන් එකේම තමයි . මේ විදියට මරණයෙන් ගැලවුන ඉසී සිම් කියන කාන්තාව කියලා තියන්නේ නොපෙනෙන බලවේගයක් විසින් තමන්ව බේරගත්තා කියලා
මෙතනින් ගිහින් බලන්න , මේක ක්ලික් කරලා , තියනවා එයා කියපු කතාව
පේනවා නේද වැඩේ කොහොමද කියලා , මේක තමයි ජීවිතය කියන්නේ , ජීවිතේ කිව්වට ජීවිතෙන් අංශු මාත්‍රයක් හරි , තව ගොඩාක් දේවල් තියනවා කියන්න ජීවිතය ගැන මම කියනවා ඒ නොපෙනෙන බලවේගය තමයි කර්මය කියන්නේ කියලා , සංස්කාර කියන්නේ කියලා . මම මේ දෙක ගැන වෙන වෙලාවක කියන්නම් . මම කියන්නේ හිතන්න ඔබේ ජීවිතය කොයි තරම් අස්ථිරද කියලා . හැම වෙලාවෙම මතක තියාගන්න ඔබේ ඔය පිණි බිංදුවක් වගේ තියන පහන් දැල්ලක් වගේ තියන ජීවිතයට ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුලුවන් සූදානම් වෙලා ඉන්න . මේ ඔබට අහන්න දකින්න ලැබෙන්නේ නිකංම සිද්දි නෙමේ , මේ ලෝකය ඔබට ඔබ ගැන හොයාගන්න කියලා දෙන පාඩම් .
Truth of life :)
ReplyDeleteyes,thanqqqqqquuuuuu........ :)
Deleteඅර ඡායාරූපයේ කතාව නම් විශ්මයක්ම තමා.
ReplyDeleteහ්ම්..... ඒක නම් පුදුමයක් තමා , මටත් ඒකයි ලියන්න හිතුනේ
ReplyDelete//ඔබට පේනවද ඔහුට මරණය ගැන යම් සූදානමක් තිබිලා තියනවා // පින්තූරයක් පළකල පමණින් මරණයට සූදානමක් තිබ්බ කියලා මට නම් හිතෙන්නෙ නෑ.. ඒක තනිකරම විහිළුවට කරපු වැඩක් කියලයි හිතෙන්නෙ.. අනික මම ආයෙ දකින්ඩ හම්බෙයිද දන්නෙ නෑ හොඳට බලාගනින් වගෙ කතා අපි ඕනතරම් කියන්නෙ විහිළුවට..
ReplyDeleteනමුත් අපි මැරෙනවා කියලා මතක තියාගන්න එක හොඳයි..
ඔව් ඒකත් වෙන්න පුලුවන් තමා හරී , මටත් ඔයා කියන කොට ඒක හිතුනේ :) හැබැයි ඔහුට පුංචි අදහසක් වගේ තිබිලා කියලා මට හිතුනා , මට ඕන උනේ ඔයා කිව්වා වගේ මැරෙන්න ඕන වෙලාවක පුලුවන් කියන අඩහස කියන්න ,බොහොම ස්තූතියි යාලුවා
Delete