‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Saturday, August 2, 2014

'‍'ද‍හම්‍ ‍මල්‍ ‍වි‍ය'' ‍ ‍හ‍ත‍ර ‍ව‍න ‍ලි‍පි‍ය



අපි විශේෂයෙන්ම කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් ලියන , අපේ තරුණ කස්ටිය එහෙම නැත්නම් යං ජෙනරේෂන් එක ට ලියන බුදු දහම ඔබේ ජීවිතයට එකතු කර ගැනීමේ වටිනා කම කතා කරන ලිපි මාලාව. දහම් මල් විය එකදහම් මල් විය දෙක, දහම් මල් විය තුන ,  සහ මේ දහම් මල් විය හතර ලිපිය කියවන්න සූදානම් වෙන ඔබ ගෙන් මම පුංචි ප්රශ්නයක් අහන්නම් . මේ ලිපි තුන ,එහෙම නැත්නම් කලින් ලිපි ටික කියවපු (කියවලා නැත්නම් පොඩ්ඩක් උඩින් ගිහින් බලන්න ආදරයෙන් නංගියේ මල්ලියේ ඔබට යමක් කල්පනා කරන්නට තිබේවී ඔබේ ජීවිතයේ මෙතෙක් දුර ආ ගමන ගැන , තවත් ප්රමාද වී කල්පනාකිරීමට සිදු වීමට පෙර )ඔබට පුංචි අදහසක් හෙම තිබෙනවාද දැන් නම් මගේ ජීවිතයට මොකක් හරි පිහිටක් ,සරණක් බලාපොරොත්තුවක් තිබෙනවා මේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ සෙවන යට කියලා ,මම උන් වහන්සේගේ සෙවන යට ආරක්ෂිතයි ,මගේ ජීවිතයට කවදාවත් වෙනත් දෙයක් නිසා වරදින්නේ නම් නෑ කියලා මට හිතෙනවා මම මේ කියන්න උත්සාහාකල දේවල් වලින් පුංචි හරි දෙයක් ඔබේ ජීවිතයට එකතු වෙලා කියලා . ඔබ අප්රමාදී වෙලා කියලා . 


මම මේ දහම් මල් විය කියවන මගේම වයසේ ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට කියන්නේ ජීවිතේ හැමදේම අතෑරපල්ලා ආයේ ජීවත් වෙලා වැඩක් නෑ .රස්සාවල් කරන්න එපා ,සල්ලි හම්බකරන්න එපා , වටිනා බඩු ගන්න එපා ,ගෙවල් දොරවල් හදන්න එපා , සල්ලි එකතු කරන්න ඉතිරි කරන්න අයෝජනය කරන්න එපා,  දැන් ඔය යාලු වෙලා ඉන්න කොල්ල කෙල්ල අතාරින්න , හෙට ඉඳන් ලස්සනට අඳින්න එපා , රසවත් දේවල් කන්න එපා , සිංදුවක් අහන්න එපා , ෆිල්ම් එකක් ටීවී එකේ යන දෙයක් බලන්න එපා , තමන් කැමති අයත් එක්ක කොහේවත් යන්න එපා , මොබයිල් ෆෝන් එපා ,ලැප්ටොප් එපා , ෆේස් බුක් /ට්වීටර්/ස්ක්යිප් /යූ ටියුබ් / තව පී වලින් එස් වලින් තියෙන ටියුබ් , පත්තර පොත් නව කතා එපා කියලා නෙමේ . බුදු දහම කියන්නේ එහෙම දහමක් නෙමේ . බුදු දහම එහෙම මිනිස්සුන්ට තහංචි දාලා මිනිස්සුන්ව හිර කරලා මිනිස්සුන්ව පීඩාවට පත් කරලා මරණවාකියලා තර්ජනය කරලා එහෙමත් නැත්නම් මින්ස්සුන්ට සැපෙන් කාමයන් තිබෙන ලෝකයේ සතුටෙන් ඉන්න තියෙන අවස්ථාව අහිමි කරපු ඔය තියෙන සමහර හරි හමන් ජාතකයක් නැති දහමක් නෙමේ . එහෙම දහමක් නම් මේ ලෝකයේ මෙච්චර කාලයක් කැමැත්තෙන් පවතින්නේ නෑ (මොකද මම එහෙම කිව්වේ මිනිස්සුන් ගේ අකමැතෙන් මරණවා කියලා බොහෝම හොදට පවත්වා ගෙන් එන ඒවත් තිබෙන හින්දා) බුදුන් වහන්සේත් කිව්වේ මේ කාම ලෝකයේ යම්කිසි ආශ්වාදයක් තිබෙනවා කියලා . මොකද එහෙම ආශ්වාදයක් නැත්නම් මිනිස්සු මේ දේවල් එක්ක මෙච්චර බැඳීම් ඇති කරගන්නේ නෑනේ ඒකනිසා . බුදුන් වහන්සේ මිනිස්සුන්ට කිව්වානම් මම ඔය ඉහලින් කියපු දේවල් කරන්න එපා කියලා මේක හිඟන්නන් ගේ දහමක් වෙනවා . මේක එහෙම හිඟන්නන් ගේ දහමක් නෙමේ බුදු දහම කියන්නේ .බුදු දහම කියන්නේ බොහෝම සස්ශ්රීක මිනිසුන් ගේ දහමක් . 

ඔබට බුදුන් වහන්සේ කියන්නේ මෙච්චරයි කොල්ලනේ කෙල්ලනේ හැම භෞතික දේම පරිහරනය කරන්න ඒ කෙරෙහි කිසිඳු අනවශ්ය බැඳීමකින් තොරව . එච්චරයි . එතකොට ඔබේ ජීවිතය බොහෝම නිදහස් වෙනවා බොහෝම සැහැල්ලු වෙනවා . ඇයි? නැති උනා කියලා දුකක් නෑ ....... දුකක් නැතේ ඇයි ? අනවශ්ය බැඳීම් ඒ දේ කෙරෙහි ඇතිකරගත්තේ නැති නිසා . ජීවිතේ දේවල් කරන්න කිසිම බලාපොරොතුවක් නැතුව . යම් අදහසක් පමණක් තබාගෙන තමන් කරන්නේ කුමක්ද යන්න ගැන . ඔබ දන්නවා ඇති අනේපිඩු සිටු තුමා සැවැත් නුවර ජේතවනාරාමය හදපු ඉඩම ගත්තේ කොහොමද කියලා ? මුලු ඉඩම වැහෙන්න රන් කහවණු අතුරලා . හිතන්න අද අපේ ලෝකේ එක මිනිහෙකුවත් කරනවාද සල්ලි පොලවේ ප්රමාණයට අතුරලා ඉඩමක් ගන්න කෙනෙක් , ඒතරමට සල්ලි තිබුනා එතුමාට , අද කාලේ වගේ කියනවානම් ඉතිං අපේ දම්මික පෙරේරා වගේ බොහෝම තරුණ බොහෝම දක්ෂ වයාපාරිකයෙක් . ධනවතෙක් . විශාඛාව කොහොම කෙනෙක්ද ? එයාට තිබුනාලු කවුරුත් අහලා ඇති නේ එතුමියගේ මේල පලඳනාව ගැන , ඕක ගැන නම් එක එක මත තියෙනවා . කොටසක් කියනවා ඕක ඔලුවේ ඉඳලා දාන එකක් කියලා . ඒක දැම්මාම කකුල් දෙකට යනකම්ම පහලට වැහෙනවාය කියලා තව අය කියනවා ඕක සායක් වගේ ඉන වටේ බඳිනවාය කියලා කකුල් දෙක වැහෙන කම් පහලට වැටෙන එකක් කියලා . කොහොම උනත් හිතාගන්න පුලුවන් නේ අපේ අයට ඒක කොච්චර ලොකුද කියලා . ඒකේ වටිනා කම කොච්චරද කියනවා නම් එතුමිය ඒක විකුණලා පන්සලක් හැදුවා . ඒක පන්සලක් කිව්වාට මහා විසාල එකක් උන නිසා මිගාර මාතු ප්රාසාදය කියලා කිව්වා . මම අහන්නේ බුදුන් වහන්සේ කවදාවත් කිව්වාද විශාඛාවට විශාඛා ඔය මේල පලඳනාව දාන්න එපා කියලා එහෙම කිව්වේ නෑ ......... උන් වහන්සේ . උන් වහන්සේ කිව්වේ අල්ල ගන්න එපා කියලා විතරයි .

මම අපේ කාලයේ ඉන්න අයට කියන්නේ ගිහින් පැවිදි වෙන්න කියලා නෙමේ . එහෙම කාට හරි පුලුවන් නම් තමන් ගේ මනස සකස් කර ගන්න සීයට කෝ OOOOOOOOOOOOටියක් හොඳයි කියලයි . ඒත් මම දන්නවා මේ කියවන බොහෝ දෙනෙක්ට ඒක කරන්න බෑ ....... හෝව් හෝව් එහෙම කිව්වාම කලබල වෙන්න එපා . ඒක එකම පිලියම නෙමේ  හරි . ඒත් මම කියන්නේ ඔබ බොහෝම බුද්ධිමත්ව කල්පනාකරලා මේ මුලාවෙන් මිදෙන්න කියලා . ඔබට මම කලින් කියපු තැනට එන්න බැරි නම් කමක් නෑ .......... මේ තිබෙන දේවල් පරි හරණය කරමින්ම ඔබට පැවරිලා තිබෙන යුතුකම් ඉටු කරමින්ම මේ දුකෙන් නිදහස් වෙන්න උත්සාහාවන්ත වෙන්න . බුදුන් වහන්සේගේ කාලයේ හිටිය බොහෝ දෙනා සෝවාන් ඵලයට , සකෘදාගාමී ඵලයට , අනාගාමී ඵලයට පත් උනේ පැවිදි වෙලා නෙමේ කියන එක මම කියන්න ඕන . අනේ පිඩු සිටු තුමා සෝවාන් උනා . විශාඛා උපාසිකාව අවුරුදු 7දී සෝවාන් උනා කියන්නේ , චිත්ත ගෘහපතියා , වේලු කණ්ඨකී නන්ද මාතාව කියන්නේ අනාගාමී උන අය ගිහිව සිටියදී ම . මම ලියපු මම ලියපු මිනිසෙක් වෙලා ඉපදුනේ ඇයි?කියන ලිපියේ මම කියලාතිබෙනවා ඔබේ උතුම් මිනිසත් බව ගැන . ඔබේ ඔය භෞතික දේවල් කරන අතරම මේ දහම කියන එක ඔබේ ජීවිතයට එකතු කරගන්න නාකි වෙලා මොනවත්ම කර කියා ගන්න බැරි වෙනකම් ඉන්නෙ නැතුව අඩුම මරණින් පස්සේ සුගතියකට යන්නවත් හිත පුරුදු කරගන්න . අපි තවම තරුණයි දැන්ම මැරෙන්නේ නෑ කියලා එහෙම හිතෙනවානම් අපිට දැන්ම ඕවා ඕන නෑ කියලා හිතෙනවානම් මෙතනින් ගිහින් මම ලියපු උඩ යනවද යට යනවද මරණින් පස්සේ කියන ලිපිය  කියවන්න . 

මෙහෙම කියනකොට මට මතක් උනා කතාවක් බුදුන් වහන්සේගේ කාලයේ සිද්ද උන . මේ ඉන්දියාවේ තිබුණාලු තපෝදා කියලා ගංගාවක් , මේ තපෝදා ගංගාව ලඟ තිබුනාලු තපෝදාරාමය කියලා විහාරයක් , ඔය තපෝදාරාමය තපෝදා නදිය ගැනත් බොහෝම කතා තියෙනවා මම අහලා තියෙනවා . මේ නදියේ කොටසක වතුර උණුසුම් ගතියක් තිබෙනවා කියනවා . ඒකට හේතුව මේ නදියේ ජලය පොලව යට තිබෙන නිරයක් එක්ක බැඳීමක් තිබෙනවාලු . එහි උණුසුම නිසා ජලය උණුසුම් කියනවා . කොහොමහරි මේ නදිය ලඟ තිබුණ තපෝදාරාමයේ වාසය කරාලු ලඟදී පැවිදි උන බොහෝම තරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් , මේ හාමුදුරුවෝ දවසක් හවස් වෙනකම් භාවනා කරලා මහන්සි නිසා ඇඟ සෝදගන්න ගියාලු මේ නදියට ,පස්සේ මේ සවාමින්වහන්සේ දිහා බලාගෙන හිටියාලු දෙවි කෙනෙක් , මේ හාමුදුරුවෝ දැකලා දෙවියෝ කල්පනා කරනවාලු ඇයි මේ තරම් තරුණ කාලයේම පැවිදි උනේ කියලා අහන්න . මේ හාමුදුරුවෝ පැන් පහසු වෙලා ගොඩට එනකම් ඉඳලා මේ දෙවියෝ අහනවාලු හාමුදුරුවන් ගෙන් ඔබ වහන්සේට කිසිම ලෙඩක් නෑ ,රන් රිදී මුතු මැනික් වලින් කිසි අඩුවක් නෑ ,වයසට ගිහින් නෑ , කිසිම භෞතික ජීවිතයේ ප්රශ්නයක් නෑ ඉතින් ඇයි පැවිදි උනේ කියලා . මේ හාමුදුරුවෝ උත්තර දෙනවා , දෙවියන් ගෙන් අහනවා මම මැරෙන දවස කියන්න පුලුවන්ද කියලා . දෙවියෝ බෑ කිව්වාම කියනවා මම හරියටම මැරෙන දවස දන්නවානම් මට පුලුවන් මේක හෙට කරන්න අනිත්දා කරන්න තව කාලෙකින් කරන්න කියලා කල් දාන්න . ඒත් මම අද මැරෙයිද හෙට මැරෙයිද අනිත්දා මැරෙයිද තව කාලෙකින් මැරෙයිද දන්නේ නෑ ඉතින් මම කොහොමද මේක කල් දමලා ඉන්නේ අහනවා , දෙවියෝ සාදු කාර දෙනවා ,පිටවෙලා යනවා , මම මේ කිව්වේ ඔබට පැවිදි වෙන්න කියන එක නෙමේ . හිතන්න කියන එක ජීවිතයේ අස්ථර බවගැන . 

කවුරු හරි අහලා තියෙනවාද අනුරුද්ධ කුමාරයා ගැන ? පස්සේ කාලෙක අනුරුද්ධ මහරහතන් වහන්සේ උනා . මේ කුමාරයාට කොයි තරම් සැපවත් ජීවිතයක් තිබුනාද කියනවානම් ඔබට හිතාගන්නවත් බැරි වෙනවා මම මේ කියන කතාව . මේ කුමාරයා මොන තරම් සැපවත් ජීවිතයක් ගත කලාද කියනවානම් මේ කුමාරයා ගෙන් ඇහුවොත් බත් ලැබෙන්නේ කොහෙන්ද කියලා මේ කුමාරයා දැනගෙන හිටියේ රන් තලියෙන් බත් ලැබෙනවා කියන්න ලු . කුඹුරු දැකලා තිබුනේ නා කියනවා මේ කුමාරයා , මෙයා පුංචි කාලේ සෙල්ලම් කරනවාලු යාලුවෝ එක්ක කැවුම් වලට ඔට්ටු අල්ලලා .දවසක් මෙයා කැවුම් ඔක්කෝම පරාද වෙලා ඔට්ටු අල්ලලා අම්මගෙන් ඇවිත් කැවුම් ඉල්ලුවාලු . අම්ම කිව්වාලු කැවුම් නෑ කියලා . එහෙනම් නැති කැවුම් දෙන්න කිව්වාලු . අම්ම හිස් බාජනයක් අරගෙන තව බාජනයකින් වහලා දුන්නලු ලමයට , මේක දැක්කාලු දෙවියෝ ,මේ අනුරුද්ධ කුමාරයා සංසාරේ පුරාවටම පින් කරලා තිබුනාලු මට නෑ කියන වචනය අහන්න ලැබෙන්න එපා කියලා . මේක සහ මේ කුමරුවාගේ පින් මහිමය දැකපු දෙවියෝ ඉක්මනටම ඇතුලේ කැවුම් මැව්වාලු . නැත්නම් අපිට මහා අනර්ථයක් වෙන්නේ කියලා ඒ තරමටම මේ කුමාරයාගේ පින බලවත් වෙලා තිබුනා , පස්සේ හැමදාම නැති කැවුම් ඉල්ලුවාලු ඔහු අම්මාගේ කැවුම් එපා කියලා . අම්මා හිස් බඳුන වහලා දුන්නාම දෙවියෝ කැවුම් මැවුවාලු හැමදාම . එහෙම උනත් එච්චර ජීවිතේ නෑ කියන එක අහපු නැති අනුරුද්ධ කුමාරයත් පැවිදි වෙනවා . මම අහන්නේ ඔබ මම ගැන කුමන කතාද කියලා . 

තවත් එකක් කියන්නම් ඔබ ට කොසොල් රටේ හිටියාලු සෝණ කියලා සිටුවරයෙක් , මේ සිටු වරයාට මොන තරම් ධනය තිබුනාද කියනවා නම් මෙයාට තිබුනේ ව්යාපාර වලින් එන ධනය වියදම් කරන්න විතරලු . මේ සිටුවරයා කොසොල් මහාරජ තුමාටත් වැඩිය සැප විඳිනවාලු පොහොසත්ලු , මෙයා බත් කන හාල් හදන කුඹුරු වලට හරවන්නේ සුවඳ කවාපු වතුරලු , බත් උයන්නෙ සුවඳවත් වතුරෙන් ලු ,කන්නේ රත්රන් බාජන වලලු , වෙලාවකට කොසොල් රජ තුමාත් ආසාවට යනවාලු සෝණ සිටු වරයාගේ ගෙදර කෑමට . මේ සෝණ සිටුවරයා මොන තරම් නම් සැපට හැදුනාද කියනවා නම් එතුමාගේ යටි පතුල් වල රෝම තිබුනාය කියනවා , ඒ තරම් සැපට හැදුන කෙනෙක් ,ඔබට හිතා ගන්නවත් පුලුවන්ද ? ඒත් මේ සියලූම සැප අතෑරලා දාලා ගිහින් පැවිදි වෙනවා , නිවන් අවබෝධ කරන්න . 

ඔබේ මගේ මේ තරුණ ජීවිතය බොහෝම ඉක්මනට ගෙවීගෙන ගෙවීගෙන යනවා හිතාගන්නවත් බැරි වේගයෙන්  ගෙවීගෙන යනවා , මේ තරම් වටිනා ඔබේ ජීවිතය පොඩි  පොඩි කාලවල් වලට එන එක එක රැලි වලට ගහගෙන යන්න දෙන්න එපා,මම නම් කියන්නේ ඔය නිවන කියලා , චතුරාර්ය සත්යය කියලා ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා දේවල් අල්ල ගන්න යන්න එපා . ඒ දේවල් වලට එහේමම තියෙන්න ඇරලා ඔබ ඔබේ ජීවිතය තුලින් දකින්න උත්සාහා කරන්න ඔය දේවල් . එතකොට යම් අවස්ථාවකදී ඔබටම තේරෙනවා ඔබ කල යුත්තේ කුමක්ද යන වග .‍අ‍පේ ‍ත‍රු‍ණ ‍අ‍ය ‍ක‍රන්‍‍නේ ‍බො‍හෝ ‍දෙ‍නෙක්‍ ‍ද‍හ‍ම‍ට ‍යො‍මු‍වෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍ද‍හ‍ම ‍ත‍දින්‍ ‍අල්‍‍ල‍ගන්‍‍න‍වා . ‍ම‍ම ‍මෙ‍හෙ‍ම ‍වෙන්‍‍න ‍ඕ‍න ‍මේ‍ව ‍ක‍රන්‍‍න ‍ඕ‍න ‍කි‍ය‍ලා . ‍එ‍ත‍කො‍ට ‍වෙන්‍‍නේ ‍ත‍වත්‍ ‍දෙ‍යක්‍ ‍අල්‍‍ල‍ගන්‍‍න ‍එ‍ක , ‍ම‍ම ‍කි‍යන්‍‍නේ ‍බො‍හෝ‍ම ‍නි‍ද‍හ‍සේ ‍අල්‍‍ල‍ගන්‍‍නේ ‍නැ‍තු‍ව ‍පු‍රු‍දු ‍ක‍රන්‍‍න ‍කි‍ය‍ලා . ‍බු‍දු ‍ද‍හ‍ම ‍කි‍යන්‍‍නේ ප්‍රා‍යෝ‍ගි‍ක ‍ජී‍වි‍ත‍ය ‍තු‍ල ‍පු‍රු‍දු ‍ක‍රන්‍‍නක්‍ ‍මි‍ස ‍ක‍ට‍පා‍ඩම්‍ ‍ක‍රන්‍‍න ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍න ‍එ‍හෙ‍ම ‍නැත්‍‍නම්‍ ‍වි‍භා‍ග ‍පාස්‍ ‍ක‍රන්‍‍න ‍ති‍යෙ‍න ‍දෙ‍යක්‍ ‍නෙ‍මේ . ‍යම්‍ ‍ත‍ර‍මක්‍ ‍දු‍ර‍ට ‍ඉ‍ගෙ‍න ‍ග‍ත ‍යුත්‍‍තක්‍ ‍ති‍බෙ‍න‍වා ‍හැ‍බ‍යි ‍ඒ‍ක ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍‍නේ ‍නැ‍තු‍ව ‍මේ ‍ද‍හ‍ම ‍එ‍ක‍තු ‍ක‍ර‍ගන්‍‍න ‍ඔ‍බේ ‍ජී‍වි‍ත‍ය‍ට ‍බු‍දු ‍ද‍හ‍මේ ‍නි‍ය‍ම ප්‍ර‍යෝ‍ජ‍න‍ය ‍ඔ‍බ‍ට ‍ලැ‍බි‍ය ‍හැක්‍‍කේ ‍එ‍සේ‍ම‍යි . ‍මෙ‍හි ‍ත‍වත්‍ ‍කො‍ට‍සක්‍ ‍ලි‍ය‍වේ‍වි‍ද ‍කි‍යන්‍‍න ‍බෑ . ‍ම‍ගේ ‍අ‍තින්‍ ‍දැන්‍‍ම .‍අ‍පි ‍බ‍ල‍මු . ‍මේ ‍ලැ‍බු‍නු ‍ජී‍වි‍ත‍යේ ‍අව්‍ස්‍ථා‍ව ‍මඟ ‍හැ‍ර‍ගන්‍‍න ‍එ‍පා . ‍ත‍ව ‍කල්‍‍ප ‍කෝ‍ටි ප්‍ර‍කෝ‍ටි ‍ග‍ණ‍න‍ක‍ට‍වත්‍ ‍මේ ‍අ‍වස්‍ථා‍ව ‍ලැ‍බේ ‍යැ‍යි ‍කි‍යන්‍‍න ‍බෑ ‍ඒ ‍ත‍ර‍ම‍ට ‍දු‍ර‍ල‍භ‍යි . ‍
ම‍ම ‍ඔ‍බ‍ට ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍කි‍ය‍න‍වා ‍ගෞ‍ත‍ම ‍බු‍දුන්‍ ‍ව‍හන්‍‍සේ ‍දි‍න ‍ප‍තා‍ම ‍ක‍ර‍න ‍අ‍නු‍ශා‍ස‍න‍ය
''‍අප්‍‍ප‍මා‍දේ‍න ‍භික්‍ඛ‍වෙ, ‍සම්‍‍පා‍දෙථ,‍දුල්‍‍ල‍භෝ ‍බුද්‍‍ධුප්‍‍පා‍දෝ ‍ලෝ‍කස්‍‍මිං‍, ‍දුල්‍‍ල‍භෝ ‍ම‍නු‍සත්‍‍ත ‍ප‍ටි‍ලා‍භෝ , ‍දුල්‍‍ල‍භා ‍පබ්‍‍බජ්‍‍ජා , ‍දුල්‍‍ල‍භං‍ ‍සද්‍‍ධම්‍‍ම ‍ස‍ව‍ණං‍ '' ,'' ‍ම‍හ‍ණෙ‍නි , ‍අප්‍ර‍මා‍ද‍යෙන්‍ ‍යුක්‍‍ත ‍වව්‍ , ‍ලෝ‍ක‍‍යේ ‍බුද්‍‍ධෝත්‍‍පා‍ද‍ය ‍දුර්‍ල‍භ‍ය . ‍මි‍නි‍සත්‍ ‍බ‍ව ‍ලැ‍බී‍ම ‍දුර්‍ල‍භ‍ය . ක්‍ෂ‍ණ ‍සම්‍‍පත්‍‍ති‍ය ‍ලැ‍බී‍ම (‍අ‍වස්‍ථා‍ව ‍ලැ‍බී‍ම ) ‍දුර්‍ල‍භ‍ය . ප්‍රව්‍රජ්‍යා‍ව (‍පැ‍වි‍දි ‍බ‍ව ‍ලැ‍බී‍ම ) ‍දුර්‍ල‍භ‍ය . ‍සද්‍‍ධර්‍ම ශ්‍ර‍ව‍ණ‍ය ‍අ‍ති ‍දු‍ර‍ල‍භ‍ය .    



‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී