මම හිතුවා මම තේරුම් ගත් බුදු හාමුදුරුවෝ ගැන වචනයක් කියන්න , සමහර විට මම මේ කියන කාරණා එක්ක මේක කියවන අය එකඟ නොවෙන්නත් ඉඩ තියනවා . ඒ ගැන කියන්න තියන ඕනම අදහසක් ඔබට පහලින් කියන්න පුලුවන්. ඇත්තටම බුද්ධ කියන්නේ කවුද?වචනයේ අරුතෙන් ගත්තොත් නම් බුද්ධ කියන්නේ අවබෝධයට පත්වූ කියන අර්ථය , තව ''ආලෝකය '' කියන අර්ථයෙනුත් බුද්ධ කියනවා . මම අහලා තියනවා බුදුන් වහන්සේව හඳුන්වන නම් දාහකට වැඩියෙන් තියනවා කියලා . 1056 ක් කියලා කියනවා . එහෙත් උන් වහන්සේ බොහෝ විට තමන් වහන්සේව හඳුන්වාගත්තේ ''තථාගත '' කියන නමින් , මේ නමේ තේරුම වෙන්නේ 'සත්‍ය ගාමී එහෙම නැත්නම් සත්‍ය මඟ පිලිපන් කියන අර්ථය . තව කියනවා තථ අගථෝති තථාගත , ඒ කියන්නේ මාර්ගය කියන්නා වගේ අරුතක් . මෙහෙම බොහොම නම් තියනවා උන් වහන්සේට .මට මෙහිදී බුදුන් වහන්සේ තමන්ව දෝණබමුණාට හඳුන්වා දුන් ආකාරය මතක් වෙනවා . තමන් වහන්සේ මඩෙහිම ඉපදී මඩෙහිම හැදී වැඩී මඩෙන් උඩටවිත් එම මඩෙහිද ජලයෙහිද නොතැවරී සිටින පියුමක් මෙන් තමන්ද මේ ලෝකයේ මිනිසුන් අතර ඉපදී ලෝකයා අතරම හැදී වැඩී ලෝකයාගෙන් මිනිසුංඑන් වෙන්ව තනිව ඔවුන් සමඟ කිසිම සම්බන්ධයකින් තොරව ජීවත් වෙන කෙනෙක් විදියටය . මෙයින්ද උන් වහන්සේ කියන්නේ තමාමිනිසුන් අතර සිටියද වෙනස් කෙනෙක් වන බවය හැබැයි අපි මතක තියාගන්න ඕන මේ ඔක්කොම වචන කියන එක .වචන වලින් ,වචන ඔස්සේ කිසිම කෙනෙකුට බුදුන් වහන්සේව දකින්න හඳුනාගන්න බෑ . වචන වලින් හඳුනාගැනීම එක සීමාවකින් අවසන් වෙනවා . වචන තියන්නේ අපිට යම් යම් භෞතික දේ හඳුනාගන්න විතරයි . අධයාත්මික දේ හඳුනාගන්න වත් විස්තර කරන්නවත් වචන වලින් බෑ . මොකද ඒ හැම දේම ස්වභාවයන් නිසා . ඒක මේ වගේ කියන්න විතරයි වචන තියන්නේ , මේ කියන එක ඒක තමයි කියන්න කාටවත් බෑ . බුදුන් වහන්සේත් අන්න ඒ වගේ උන් වහන්සේ ගැන කියන්න වචන නෑ . වචන වලින් උන් වහන්සේව කියන්න බෑ . බුදුන් වහන්සේව අදටත් අපිට දකින්න පුලුවන් වෙලා තියන්නේ උන් වහන්සේ හිතට දැනෙන සවභාවයක් නිසා.උන් වහන්සේ මේ වගේ කියලා කියා තිබෙන වචන ඔස්සේ ගිහින් අපිට පුලුවන් උන් වහන්සේව දකින්න . එහෙම දැකපු කෙනාගේ හිතේ තිබෙන මමත්වය නැති වෙලා යනවා . මොකද මගේ කියලා ගන්න කිසිම දෙයක් නැති බව ඒ කෙනාට තේරෙනවා . එහෙම උන් වහන්සේව දැකපු කෙනාට ආයේ කිසිම සැකයක් ඇති වෙන්නේ නෑ උන් වහන්සේ ගැනවත් , උන් වහන්සේ දේශනා කල දර්මය ගැනවත් .මේකට කියනවා බුදුන් වහන්සේ සමඟම තවත් කාරණා 8 ක් ගැන සැක කරන එක නැති වෙනවා කියලා . ඒ උන් වහන්සේ කවුද කියලා හරියටම දැකපු කෙනාගේ මනසේ වෙන දෙයක්. ඒ වගේම තමන් බුදුන් වහන්සේව හරියටම දැක්කට පස්සේ ආයේ වෙනත් මිත්‍යා දෘෂ්ටි පස්සෙ යන්නේ නෑ . මොකද ඔහුට මේක තමයි හරිම මාර්ගය කියලා වැටහිලා අවසන් නිසා . මෙතනට එන්න හැම කෙනෙක්ම උත්සාහවන්ත වෙන්න ඕනා ඒකට කියනවා සෝවාන් ඵලයේ හිත පිහිටීම කියලා .ඒකයි බුදුන් වහන්සේ කියන්නේ කවුරු හරි කෙනෙක් මගේ දර්මය දැක්කොත් ඒ කෙනා මම දැකපු කෙනෙක් වෙනවා කියලා .කවුරු හරි කෙනෙක් මේ ලෝකයේ ඇතිවෙන හැටි ,නැති වෙන හැටි හේතු ඵල දහම , පටිච්චසමුප්පාදය දැක්කොත් මා දැක්කා වෙනවා කියලා . ඒත් වර්තමානයේ අපේ ඉන්න අය මොනව බලාගෙනද බුදුන් වහන්සේ දකින්න උත්සාහ කරන්නේ කියලා හිතුවද ? කල්පනා කලාද මොහොතකට
උන් වහන්සේ වතාවක් කියනවා තමන් වහන්සේ අද්විතීයෝ - කිසි කෙනෙකුට දෙවෙනි වෙන්නේ නෑ , අසහායෝ - තමන් වගේ කෙනෙක් නෑ , අසමෝ -තමන් හා සමාන කෙනෙක් නෑ , අසම සමෝ - තමන්ව කිසි කෙනෙක්ට සමාන කරන්න බෑ , අප්පටිමෝ -ප්‍රතිමා නෑ ,අප්පටි සමෝ - ප්‍රතිමාවකට සමකරන්න බෑ , අප්පටි පුග්ගලෝ - ප්‍රතිමා නෙලන්න කෙනෙක් නෑ කියලා . හැබැයි අද ප්‍රතිමා නැති බුදුන් වහන්සේට ප්‍රතිමා තියනවා .ප්‍රතිමා හදන අය ඉන්නවා . මම කියන්නේ නෑ ඒක වැරදී කියලා . හැබැයි මේ දේවල් හින්දා අපි හැමෝටම පාර වැරදිලා කියන එකනම් බොහොම පැහැදිලිව පේනවා .ලෝකෙ ලොකුම පන්සල ඉන්දුනීසියාවේ බොරොබුදුර් පන්සල , 87% මුලු රටේම ජනගහනයෙන් මුස්ලිම් /ඉස්ලාම් ප්‍රතිශතය.ලෝකෙ ලොකුම පන්සල තියන රට ඉස්ලාම් . ලොකුම පන්සල හැදිලත් බුදු දහම රැකිලද ? නෑ .පැහැදිලිවම කියන්න ඕන කොච්චර පන්සල් හැදුවත් වෙහෙර විහාර හැදුවත් බෝ ගස් හිටෙව්වත් පිලිම වහන්සේලා නෙලුවත් ඒවාට කොච්චර පුද පූජාවන් කලත් ඒ හැම ආමිෂ පූජාවකම අවසාන ප්‍රතිඵලය වෙන කුසල සංස්කාර එකතුවෙලා විපාක දීලා අවසන් වෙනවා . අපේ මිනිස්සු හිතනවා මහා විසාල ආමිෂ පූජාවන් එහෙම නැත්නම් පිං කරපු පමණින් නිවන් දකින්න හේතු වෙනවා කියලා . කුසලය යම් තරමකට අපිට නිවන් දකින්න උපකාර වෙනවා තමයි හැබැයි මේ සංසාරයේ හිත වඩන්නේ නැතුව කුසලයෙන් විතරක් නිවන් දකින්න නම් බෑ කියන එක හැමෝම මතක තියා ගන්න ඕන . මාස ගනන් කැප කරලා ගල් වලින් පිලිම නෙලුවත් , කොන්ක්‍රීට් ලොරි ගනන් දාලා පිලිම දාගැබ් හැදුවත් ,ගල් ගඩොල් කෝටි ගණන් දාලා පන්සල් හැදුවත් , අපි මොන දේ කලත් මතක තියා ගන්න ඕන මිනිස්සුන් ගේ හිත්වල තෙරුවන් කෙරෙහි ශ්‍රධාව හදන්න බැරි උනොත් මේ කිසිම දේකින් වැඩක් වෙන්නේ නෑ ,ඔච්චර ලොකු පන්සලක් හදපු පාලකයන්ට බැරි උනා ඒ රටෙ හිටපු මිනිස්සුන් ගේ හිත්වල ශ්‍රද්ධාව හදන්න . අසෝක අධිරාජ්‍යයා ඔච්චර වෙහෙර විහාර හදලත් බුදු දහම ස්ථිර උනේ නෑ ඉන්දියාවේ . ඒක නිසා පිලිම නෑ කියලා උන් වහන්සේම කියන නැති බුදු හාමුදුරුවන්ට කවදාවත් උන් වහන්සේගේ පෙනුම කියන්න බැරි පිලිම වලින් ඔබ බුදුන් දකින්න යනවානම් අචල ශ්‍රද්ධාව හදාගන්න යනවා නම් මම කියන්නේ අදම දර්මයට යොමුවෙන්න .. සැබෑම බුදුන්වහන්සේගේ හරිම දේශනාව , නිර්වාණයට යන පාරේ මග සලකුණු කියන ත්‍රිපිටක දේශනාව නුවනින් මෙනෙහි කරන්න , ඒ අනුව අදම ජීවිතය හදාගන්න ඔබට සැබෑම බුදුන් වහන්සේ මුණ ගැසේවි .
මේ අවුරුදු 2500ක් විතර ගෙවිලා තියනවා බුදුරජාණන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා , දැන් ඉන්න ඔබට නම් බුදුන් වහන්සේ හරි වටිනවා නේ ...................... .ඔබ හිතනවද උන් වහන්සේ ජීවත් උන කාලෙත් ඔය වගේම මිනිස්සුන්ට බුදුන් වහන්සේ හරියට වටින්න ඇති කියලා , මම මේ කියන්නේ ඔබ නොහිතන කාරණයක් . ඒ කාලේ හිටිය මිනිස්සුන්ට එහෙම විශේෂ වටිනා කමක් තිබුනේ නෑ උන් වහන්සේ ගැන . උන් වහන්සේත් ෂට් ශාස්තෘ වරුන් අතර තවත් එක් මාරගයක් දේශනා කරන ශාස්තෘවරයෙක් පමණක් උනා ඒ කාලයේ හිටිය මිනිස්සුන්ට .එච්චරයි . එහෙම නැත්නම් මුලු ඉන්දියාවම සෝවාන් වූ අයගෙන් පිරෙන්න ඕන නේ .ඒත් එහෙම උනේ නෑ . ආලාර කාලාම ලඟට යන අය එහෙම ගියා උද්දකරාම පුත්ත ලඟට යන අය එහෙම ගියා , අජිත කේස කම්බල ,ස්ංජය බෙල්ලෙට්ටි පුත්ත , නිඝන්ඨනාථ පුත්ත ජයින මහ වීර ඔය ඔක්කොම ලඟට යන අය එහෙම ගියා . බුදුන් වහන්සේ ලඟට ආපු අය එහෙම ආවා එච්චරයි . අද ඉන්න අය හිතනවානම් ආනේ අපි හිටියා නම් අපි යනවා කියලා එහෙම වෙන්නේ නෑ කවදාවත් මතක තියා ගන්න . උන් වහන්සේට කරන්න පුලුවන් හැම නරක වැඩක්ම එදා සමජය කලා . අලි එව්වා ,ගල් පෙරලුවා , දුණු වායෝ යොදවලා මරණයට පත් කරන්න හැදුවා , ස්ත්‍රී දූෂණ චෝදනා කලා , උන් වහන්සේගේ පිරිස භේද කලා , අපහාස කලා නින්දා කලා කරන්න පුලුවන් ඔක්කොම කලා ඕකයි ඇත්ත . මතක තියාගන්න ඔබ නොදැන අද සිල්වත් භික්ෂුන්ට නින්දා කරන්නේ යම් සේද එදත් මිනිස්සු බුදුන් වහන්සේට නිදා කලේ එසේම බව . වතාවක් සංජය ගේ ශ්‍රාවකයෙක් බුදුන් වහන්සේගෙන් බණ අහලා ගිහින් සංජයට කියනවා ඔබ තුමා දන්නවද අන්න අරෙහේ ගෞතම බුදුන්වහන්සේ නිවන් මඟ දේශනා කරනවා .උන් වහන්සේ කියන එක හරි අපිත් යමු බණ අහන්න කියලා . පස්සේ සංජය කියනවා මේලෝකේ ප්රඤ්ඤාවන්තය න් සහ මෝඩයන් යනුවෙන් දෙකොටසක් ඉන්නවා .ප්රඤ්ඤාවන්තය න් උන්වහන්සේ සොයා ගියදෙන් මෝඩයන් මා සොයා ආදෙන් කියලා . අදත් ඔය තත්වය ඔහොමමයි .කිසි වෙනසක් නෑ
මම කතා කලා බුදුන් වහන්සේ භෞතිකව දකින්න යන්න එපා . උන් වහන්සේම කියලා තියනවා උන් වහන්සේව භෞතිකව දකින්න බෑ කියලා දර්ම මාර්ගය තුල ගමන්කරලා විතරමයි උන් වහන්සේව දකින්න පුලුවන් කියලා . මම ඔබෙන් අහනවා උන් වහන්සේගේ භෞතික කයගැන ඔබට තිබෙන අදහස කුමක්ද කියලා ?උන්වහන්සේව ප්‍රතිමා වලින් දැකලා තියන ඔබ ,පින්තූර වලින් දැකලා තියන ඔබ , තව තව දේවල් වලින් උන් වහන්සේව දැකලා තිබෙන ඔබ හැම කෙනා තුලම යම් කිසි අදහසක් තිබෙනවා බුදුන් වහන්සේ ගැන . හැබැයි ඒ ඔබ හදාගෙන ඉන්න එක රූපයක්වත් බුදුන් වහන්සේ නෙමයි , ඒ හැම රූපයක්ම අදාල ඔබට පමණයි ඒ එක රූපයක්වත් බුදුන් වහන්සේට අදාල නෑ . පිලිගන්න අකමැති උනත් ඒක තමයි ඇත්ත . ඔබ සත්‍ය නොදන්න සියලු දෙනාම තම තමන් ගේ හිත් වලටම රැවටිලා .එච්චරයි වෙලා තියන්නේ .
සමහරවිට ඔබ හිතනවා ඇති ගෞතම බුදුන් වහන්සේ හැම වෙලාවේම 32ක් වූ මහා පුරුෂ ලක්ෂණ වලින් විචිත්‍ර වෙලා ඉන්නවා ඇති කියලා ,හැම වෙලාවෙම දිලිසි දිලිසි බැබලි බැබලී ඉන්නවා ඇති කියලා . මම ඔබට සිදුවීම් දෙකක් කියන්නම් .
එක අවස්ථාවක ජීවක වෛදය තුමා විසින් කොසොල් මහරජතුමාව එක්කගෙන යනවා බුදුන් වහන්සේ දකින්න , මේ වෙලාවේ රාත්‍රී කාලයේ බුදුන් වහන්සේ වැඩ ඉන්නේ වනාන්තරයක මැද . බුදුන් වහන්සේ දකින්න යනකොටා කොසොල් මහරජතුමා එක්ක වනාන්තරයේ ටික දුරක් යනකොට කිසිම සද්දයක් නෑලු .පස්සේ රජු අහනවා ඔබ මේ මාව කොහෙද එක්ක යන්නේ කියලා . ඔබ කිව්වා බුදුන් වහන්සේ තවත් භික්ෂුන් එක්ක සිටිනවා කියා කොඉ කිසිම ශබ්දයක් නෑ නේ කියලා . යමු කියලා එක්කගෙන යනවා . ඔහු රටේ රජු මරන අදහසින් එක්කයනවද දන්නේ නෑ නේ .මෙහෙම යනකොට මෙන්න ඉන්නවා මහා විසාල භික්ෂු පිරිසක් වනාන්තරයේ . පස්සේ රජු අහනවා වටපිට හැම තැනම බලලා කෝ බුදුන් වහන්සේ කියලා . පස්සේ ජීවක වෛද්‍ය තුමා කියනවා අත දික් කරලා ආන්න අර කණුව මුල ඉඳගෙන ඉන්නේ උන් වහන්සේ තමයි බුදුන් වහන්සේ කියලා . දැන් මම ඔබෙන් අහන්නේ ඔබ ඔය දන්න විදියට බුදුන් වහන්සේ ගේ පෙනුම නම් , උන් වහන්සේ දිලිසි දිලිසි ඉන්නවා නම් ඇයි කොසොල් රජ තුමාට අඳුරගන්න බැරි උනේ කියලා .ජීවක වෛද්‍ය තුමා කනුවක් පෙන්වලා ඒ මුල ඉන්න කෙනා ගෞතමයන් වහන්සේ යැයි කියන්නෙ ඇයි කියලා . ඔබට පේනවාද උන් වහන්සේ හැම වෙලාවෙම මහා පුරුෂ ලක්ෂණ වලින් විචිත්රව නොසිටින බව . උන් වහන්සේ ගේ පෙනුමද සාමාන්‍ය භික්ෂුවකගේ පෙනුම බව . එහෙත් 32 මහා පුරුෂ ලක්ෂණ වලින් විචිත්‍ර විය හැක්කේ මේ මිහිපිට එකම පුද්ගලයා වූ බුදුන් වහන්සේට පමණක් බව මාමෙහි ඔබට මතක් කරමි . එහෙත් එය සෑම විටම එසේ නොවන බව මතක් කල යුතුය .තවද උන් වහන්සේ පරිනිර්වාණයට පත්වන 80 වයස් සීමාවේ උන් වහන්සේ කියනා අයුරින් තම ශරීරය දිරා ගිය කරත්තයකට උපමා කරයි . අසූ වයස් පිරුණු බුදුන් වහන්සේ ගේ බුදු සිරුර පිළිබඳව ඔබට අදහසක් තිබෙනවද ?
තවත් වතාවක එක් තරා උයනකට බුදුන් වහන් සේ වැඩි බව අසා බොහෝ මිනිසුන් ඒ දෙසට දිව යමින් සිටියා . ඒ මිනිසුන් අතරට සිර වූ එක්තරා භික්ෂුවක්ද පෙරලාගෙන මිනිසුන් දිව ගියා .පසුව මේ වැටෙන භික්ෂුව දැක එක් තර මිනිසෙක් ඒ භික්ෂුව නැඟිටවාලූ අතර භික්ෂුව මිනිසා ගෙන් කොහෙද යන්නේ යැයි ප්‍රශ්න කල විට මිනිසා පිලිතුරු දුන්නේ අසවල් උයනට ගෞතම බුදුන් වහන්සේ වැඩ ඇති බවත් තමා උන් වහන්සේ දකින්නට යන බවත්ය . එවිට භික්ෂුවඅසන්නේ ඔබ ගෞතමයන් වහන්සේ දැක තිබෙනවද කියාය ඔහු නැත කියූ පසු තමා නම් ගෞතම යැයි උන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වා දෙයි . මේ ඔබ සිතා සිටින බුදුන් වහන්සේ නම් එම පුද්ගලය උන් වහන්සේව හඳුනා ගන්නවා නොවේද මම ඔබෙන් අසනවා .මේ ඔබ නොදන්න බුදුන් වහන්සේ ගේ භෞතික කය පිලිබඳ මා අසා ඇති සිදුවීම් දෙකක්
වතාවක් උන් වහන්සේ කියනවා යම් කෙනෙක් මගේ සිවුරු පොට අල්ලාගෙන ආවත් ඔහු මට සමීප කෙනෙක් නොවේය . එහෙත් යම් කෙනෙක් මාගේ දර්මය අනුගමනය කරයි නම් ඔහු ගවු ගණනක් දුරින් සිටියත් ඔහු මා ලඟින්ම සිටින කෙනෙක් කියා . වක්කලී නම්භික්ෂුවටද උන් වහන්සේ කියන්නේ තමන් ගේ සිරුර දෙස නොබලා තමන් ගේ දර්මය අවබෝධ කරගෙන තමාව දකින ලෙසටය
මා මෙම කරුණු ටික ඔබට කියන්නේ ඔබ ආමිෂ පූජාවෙන් ගලවනු වස් නොව සැබෑම බුදුන් වහන්සේ දකින්නටදකින්නට උන් වහන්සේ විසින් දේශිත දර්මය දැකිය යුතු බව අවධාරණය කරන්නටය . ඔබ තවත් සිටින්නේ ඔබේ ශාස්තෘ වරයා පිලිබඳ නිසි අවබෝධයකින් තොරව නම් ධර්ම මාර්ගයේ එන්න ඔබට තවත් බොහෝ දේ තේරුම් ගන්නට හැකි වේවි .
පසුව ලියමි - මෙහි විවාදයකට තුඩු දිය හැකි කරුණු ඇතුලත් හෙයින් යම් වරදක් ඔබ දකින්නේ නම් නොපමාව කොමෙන්ටුවකින් මට ඒ බව කියන්න , මෙය බුදුන් වහන්සේ ගැන ලිපියක් නිසාවෙන් නිවැරදි කිරීමට මා කැමතියි

කාලීන අවශ්‍යතාවයක්ව පවතින වර්තමාන බෞද්ධ සමාජයට වටහාගත යුතු රළු කටුක සත්‍යයක් ඔබ මෙම ලිපිය මගින් අවධාරනය කර තිබෙනවා, ඉතාමත් ව්‍යක්ත ලෙස සරලව කරුනු පහදා තිබෙනව . නිදහස් මනසකින් කියවන ඔනෙම කෙනෙකුට තෙරුම් ගතහකිය්. ශොකයට කරුනනම් වර්තමානයේ බෞද්ධයෝ බුදුන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය බුද්ධ දර්ශනය පිලිම , වෙහෙර විහාර දාගැබ් චයිත්තිය වලට පමනක් ආරොපනය කොට එයම දර්මය යය් සිතා එහි නවතී සිටීමය්. බුද්ධාගම යනු බෝගස් චයිත්තිය පිලිමවලට පුද පූජා ටිකක් පමනක් කරන තවත් ආගමක් බවට පත් වී ඇති බවය්. මිනිසුන් ධර්මයේ නාමයෙන් අධර්මයට සිරවී සිටින කාලයකි මේ. මල් ලක්ශ ගනන් පුජ කරල දැන් අතිවෙලා තියෙන්නේ , අනුරාධපුරයේ පිච්චමල් පුජා ලක්ශ ගනන් පහන් ලක්ශගනන් පුජ කරා ඒත් කෝ මෙ සතුටක් කෝ මට නිවනක්?
ReplyDeleteඉතින්, නිවන සොයන මිනිසුන්ට නිවන් මග කියන්න , බුදුන් වන්දින මිනිසුන්ට සැබෑම බුදුන් වහන්සේ කවුරුද කියන්නට සමාජයේ මෙවනි කතිකාවත් තව බොහෝ ඇතිවිය යුතු කාලයය් මේ!
ඉදිරියටම යනු මැනවි! ඔබෙ යහ ප්‍රාර්ථනා සියල්ල ඉටුවේවා! ඔබට ජය! තෙරුවන් සරණය්!
බොහොම ස්තූතියි , බොහොම සතුටුයි ඔබේ අගය කිරීම ගැන , මේ වගේ කාරණා වර්තමාන සමාජයේ බොහොම විවාදාත්මක කරුණු නේ , බොහෝ අය මේ දේවල් පිලිගන්න කැමති නෑ .ඒත් අවාසනාවට ඇත්ත ඒක ඔබ කිව්වා වගේම මිත්‍රයා , තව දේවල් ටිකක් තිබෙනවා කියන්න .මම ඒ ටිකත් ලියන්නම් .නැවත වරක් බොහොම ස්තූතියි . දිගටම ලියන දේවල් ගැන ඔබේ අදහස් කියන්න . මට තවත් සාර්ථකව ලියන්න පුලුවන් වේවි :)
Deleteබුදුරජානන් වහන්සේ යනු විශ්වය හා ඒකාත්මික වූ
ReplyDeleteවිශ්වීය පැවැත්ම හා අවියෝජනීය වූ අතිපාරිශුද්ධ උත්තමයෙක්.
ඒ නිසාම කිසිම විටෙක විශ්ව මූලධර්ම වලින් අන්‍ය ස්වභාවයකට
උන්වහන්සේ පත්වූවේ නැහැ. සම්මාසම්බුද්ධ යනු අන් කිසිවෙකුටවත්
ගුරු උපදේශකින් තොරව අවබෝධ කල නොහැකි විශ්ව යාන්ත්‍රණය
ස්වකීය අසහාය ප්‍රඥා මහිමයෙන් සහ අනන්ත වීරියෙන් සාක්ශාත්
කරගත් මහා අවබෝධ ඥාණයටයි. එය අති පාරිශුද්ධවූත්
අති වන්දනීය වූත් උත්තම තත්වයක්. ඒ දහමෙහි ඇත්තේ අන් කිසිවක්
නොව සත්ත්වයා යැයි දෘශ්ඨිගත කර්ම විපාක ශක්තීන් මේ විශ්වය
තුල යලි යලි හටගැනීම නැතිවීම යන චක්‍රය හෙවත් දුක ඇතිවීම සහ නැවත නැවත ඇතිවීම යන ධර්මතාවය එය ඇතිවීමට හේතු එය නැති කිරීම සහ එය නැති කිරීමේ මාර්ගය පැහැදිලි පිරිසිදු ලෙස දේශනා කොට වදාල දෙයක්. එය සාන්දිට්ඨික වශයෙන්ද තමාතුලින්ම දැකගනිමින්ද සෑම කල්හිම සාධාරන වූද ස්වකීය ප්‍රඥාවෙන් විනා අන් අයෙකුගේ ප්‍රඥාවෙන් අවබෝධ කල නොහැකි සුන්දර ගමන් මගකට.
ඇත්ත..ඔබ කියු දෙය..මෙය විස්තර කරන්නට වචන නම් සම්මුතිය මදි..
http:colombage-jayantha.blogspot.com
බුදු රජාණන් වහන්සේ සහ උන් වහන්සේගේ දේශනාව ගැනබ්ලොග් අඩවියේ බොහෝ දේ කතා කරන ඔබ වගේ කෙනෙක් ගෙන් මම වගේ අංකුර බ්ලොග් ලියන්නෙක්ගේ ලිපියකට කොමෙන්ටුවක් ලැබෙනවා කියන්නෙත් බොහොම ලොකු දෙයක් , මම දෙසරයක් බැලුවා ඇත්තද කියලා :) තව දේවල් ටිකක් ලියන්න හිතාගෙන ඉන්නවා . ඉදිරියටත් මම ලියන දේ ගැන ඔබේ අදහස් බොහොම අගය කරනවා . බොහොම ස්තූතීයි
Delete