‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

‍න‍මෝ ‍තස්‍‍ස ‍භ‍ග‍ව‍තෝ ‍අ‍ර‍හ‍තෝ ‍සම්‍‍මා ‍සම්‍‍බුද්‍‍ධස්‍‍ස

Saturday, July 5, 2014

‍ගී‍ත‍යක්‍ ‍ගැ‍න ‍ක‍තා‍වක්‍ (‍ද‍ව‍සක්‍ ‍පැ‍ල ‍නැ‍ති ‍හේ‍නේ )



ලං‍‍කා‍වෙ ‍අ‍පි‍ට ‍ති‍ය‍න‍ව‍නේ ‍බො‍හො‍ම ‍අ‍පු‍රු ‍ගී‍ත ‍සා‍හිත්‍ය‍යක්‍ . ‍ඉ‍තිං‍ ‍මේ ‍අ‍පේ ‍ර‍ටේ‍බො‍හො‍ම ප්‍ර‍වී‍ණ ‍ගේ‍ය ‍ප‍ද ‍ර‍ච‍ක‍යන්‍ (‍අ‍පි ‍කි‍යන්‍‍නෙ ‍සිං‍‍දු ‍ලි‍ය‍න ‍අ‍ය ) ‍අ‍තින්‍  ‍ලි‍ය‍වු‍න ‍බො‍හො‍ම ‍ලස්‍‍ස‍න ‍ගී‍ත ‍එ‍හෙ‍මත්‍ ‍නැත්‍‍නම්‍ ‍සිං‍‍දු ‍ති‍ය‍න‍වා . ‍මේ ‍ව‍ගේ ‍ම‍ගේ ‍හි‍ත‍ට ‍එ‍හෙ‍ම ‍නැත්‍‍නම්‍ ‍බොක්‍‍ක‍ට‍ම ‍වැ‍දිච්‍‍ච ‍සිං‍‍දු ‍ති‍ය‍න‍වා . ‍ස‍ම‍හ‍ර ‍ම‍ම ‍අ‍හ‍පු ‍සිං‍‍දු ‍ව‍ල ‍තේ‍රුම්‍ ‍ඇ‍හු‍ව‍ම ‍ඊ‍ට ‍වැ‍දි‍ය ‍ඒ ‍සිං‍‍දු‍ව ‍හි‍ත‍ට ‍ව‍දි‍න‍වා . ‍ඉ‍තින්‍ ‍මෙ‍හෙ‍ම ‍ම‍ම ‍අ‍හ‍පු ‍සිං‍‍දු ‍ගැ‍න ‍ව‍ච‍න‍යක්‍ ‍ලි‍යන්‍‍න ‍හි‍තු‍නා .‍අ‍පේ ‍මේ ‍කි‍ය‍ව‍න ‍අ‍ය‍ටත්‍ ‍දැ‍න‍ගන්‍න්‍ . ‍බු‍දු ‍අම්‍‍මේ ‍ලි‍යන්‍‍න ‍ක‍ලිං‍ ‍ම ‍කි‍යන්‍‍ඩ ‍ඕ‍න ‍මේ ‍ගී‍ත ‍වි‍චා‍ර‍යක්‍ ‍නම්‍ ‍නෙ‍මේ . ‍ඒ‍ව ‍ලි‍යන්‍‍න ‍ඉ‍තිං‍ ‍එ‍හෙ‍ම ‍ලේ‍සි‍යෙන්‍ ‍බෑ‍නෙ . ‍කි‍ය‍ව‍න ‍අ‍ය‍ට ‍තේ‍රෙන්‍‍නෙත්‍ ‍නෑ ‍ස‍ම‍හ‍ර ‍වෙ‍ලා‍ව‍ට ‍මො‍න‍ව‍ද ‍මේ ‍ලි‍ය‍ල ‍ති‍යන්‍‍නෙ ‍කි‍ය‍ල . ‍ඉ‍තිං‍ ‍ඒ‍ක ‍හින්‍‍ද ‍බො‍හො‍ම ‍ස‍ර‍ල‍ව ‍අ‍පේ ‍ර‍ටේ ‍ලි‍ය‍වු‍න ‍‍හොඳ ‍සින්‍‍දු‍වක්‍ ‍ගැ‍න ‍ත‍ම‍යි ‍මේ ‍කි‍යන්‍‍න ‍යන්‍‍නෙ . ‍කි‍ය‍ව‍න ‍හැ‍මෝ‍ට‍ම ‍තේ‍රුම්‍ ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍ය‍ට   . ‍ත‍වත්‍ ‍ඉ‍තිං‍ ‍අ‍ටු‍වා ‍ටී‍කා ‍නැ‍තු‍ව ‍අ‍පි ‍ක‍තා‍ව‍ට ‍බ‍හි‍මු ‍නේ ..... 

‍ඉස්‍‍සෙල්‍‍ල‍ම ‍ම‍ම ‍හා ‍හා ‍පු‍රා ‍කි‍ය‍ල ‍කි‍යන්‍‍න ‍යන්‍‍නෙ ‍ම‍ට ‍අ‍හන්‍‍න ‍ලැ‍බු‍නු ‍අ‍ද ‍ඉ‍ප‍දු‍නු ‍එ‍කෙක්‍ ‍ඇ‍රෙන්‍‍න ‍අ‍නෛත්‍ ‍ලං‍‍කා‍වෙ ‍ඉන්‍‍න ‍හැ‍ම ‍කෙ‍නෙක්‍‍ම ‍ව‍ගේ ‍අ‍හ‍ල ‍ති‍ය‍න ‍සින්‍‍දු‍වක්‍ ‍මේ‍ක . ‍වි‍ශා‍ර‍ද (‍අ‍පි‍ට‍නම්‍ ‍ඉ‍තින්‍ ‍අ‍ද‍රේ‍ට ‍ක‍පු‍ගේ ‍උ‍නා‍ට ‍හ‍රි ‍නෑ‍නේ ) ‍ගු‍ණ‍දා‍ස ‍ක‍පු‍ගේ ‍ම‍හත්‍‍ත‍යා ‍කි‍ය‍න ''‍ද‍ව‍සක්‍ ‍පැ‍ල ‍නැ‍ති ‍හේ‍නේ " ‍කි‍ය‍න ‍සින්‍‍දු‍ව ‍ගැ‍න . ‍ක‍පු‍ගේ ‍ම‍හත්‍‍ත‍යා ‍කි‍යන්‍‍නෙත්‍ ‍සෙල්‍‍ලම්‍ ‍කෙ‍නෙක්‍ ‍නෙ‍මේ ‍ලං‍‍කා‍වෙ ‍සං‍‍ගී‍ත ක්‍ෙ‍ෂ්ත්‍ර‍යේ . ‍ගී‍ත ‍බො‍හො‍ම‍ය‍ක‍ට ‍සං‍‍ගී‍ත‍ය ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍පු , ‍එ‍තු‍මා‍ගේ '' ‍කම්‍‍ප‍න '' ‍කි‍ය‍න ‍ඒ‍ක ‍පුද්‍‍ග‍ල  ප්‍ර‍සං‍‍ග‍ය ‍වා‍ර 1000 ක්‍ ‍හ‍රි ‍ඊ‍ට ‍වැ‍ඩි‍යෙන්‍ ‍හ‍රි ‍ප‍වත්‍‍ව‍පු ‍කෙ‍නෙක්‍ . ‍ඒ ‍ව‍ගේ‍ම ‍මි‍නිස්‍‍සුං‍ ‍ගේ ‍හි‍ත‍ට ‍ව‍දින්‍‍න ‍ගී‍ත ‍ගා‍ය‍නා ‍කි‍රී‍මේ ‍සු‍වි‍ශේෂි‍ ‍හැ‍කි‍යා‍වක්‍ ‍තිබ්‍‍බ ‍ගා‍ය‍ක‍යෙක්‍

‍ඉ‍තින්‍ ‍මේ ‍ගී‍ත‍ය ‍ලි‍යන්‍‍නෙ ‍රන්‍ ‍බණ්‍‍ඩා ‍සෙ‍නෙ‍වි‍රත්‍‍න ‍කි‍ය‍ල ‍ලං‍‍කා‍වෙ ‍හි‍ටි‍ය ප්‍ර‍සිද්‍‍ධ ‍නී‍තීඥ ‍ව‍ර‍යෙක්‍ , ‍මෙ‍තු‍මා ‍ගැ‍නත්‍ ‍ඉ‍තින්‍ ‍ව‍ච‍න‍යක්‍ ‍කි‍ය‍න‍වා‍නම්‍ ‍මෙ‍තු‍මා  ප්‍ර‍සිද්‍‍ධ‍ගී‍ත ‍ර‍ච‍ක‍යෙක්‍ . ‍ලිව්‍‍වෙ ‍බො‍හො‍ම ‍පො‍ඩි ‍ගී‍ත ‍ටි‍කක්‍ ‍උ‍නා‍ට ‍ඒ‍ව ‍බො‍හො‍ම ‍හ‍ර‍වත්‍ ‍ර‍ස‍වත්‍ ‍ඒ‍ව ‍උ‍නා . ‍ම‍ම ‍මේ ‍කි‍ය‍න ‍ගී‍ත‍ය ‍ඇ‍රු‍නා‍ම ‍ඔ‍බ ‍ම‍ම ‍කෞ‍රුත්‍ ‍දන්‍‍න ‍අ‍ම‍ර‍සි‍රි ‍පී‍රිස්‍ ‍ම‍හ‍ත‍ය‍ගේ ''‍ල‍ඳු‍නේ '' ‍සිං‍‍දු‍ව ‍ආන්‍ ‍ඒ‍ක ‍එ‍හෙ‍මත්‍ ‍මෙ‍තු‍මා ‍ලි‍ය‍පු ‍එ‍කක්‍ ‍ත‍ම‍යි .‍ඒ ‍ව‍ගේ‍ම ‍මෙ‍තු‍මා ‍ක‍වි‍යෙක්‍ ‍වි‍දි‍ය‍ට ‍කාව්‍‍ය ‍සං‍ග්‍ර‍හ‍යන්‍ ‍දෙ‍ක‍කුත්‍ ‍ර‍ච‍නා ‍ක‍ර‍ලා ‍ති‍ය‍න‍වා . 

‍මෙ‍තු‍මා ‍ඉ‍ප‍දි‍ලා ‍ති‍යන්‍‍නෙ ‍අ‍නු‍රා‍ධ‍පු‍ර ‍මි‍හින්‍‍ත‍ලේ ‍පැත්‍‍තේ ,‍ඒ‍ක ‍හින්‍‍ද ‍මේ ‍මේ ‍ගී‍ත‍යෙන්‍ ‍කි‍ය‍න ‍අත්‍‍දැ‍කීම්‍‍මත්‍ ‍ඒ ‍ත‍රම්‍‍ම ‍අ‍මු‍තු ‍අත්‍‍දැ‍කී‍මක්‍ ‍නො‍වෙන්‍‍න ‍ඇ‍ති ‍එ‍තු‍මා‍ට . ‍හේන්‍ ‍ව‍ගා‍ව ‍කි‍ය‍න ‍දේ.‍මේ ‍ති‍යන්‍‍නෙ ‍ගී‍ත‍ය .  

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ ...

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ...

ඔබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ...//

කොළඹ අහස කලු කරගෙන
මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ...

මං එනතුරු ඉදිකඩ ලග 
ඉන්නවාද අම්මේ...//       

‍මේ ‍ගී‍ත‍ය ‍දි‍හා ‍බා‍හි‍රින්‍ ‍ඉඳන්‍ ‍බ‍ල‍න‍කො‍ට ‍අ‍පි‍ට ‍පේ‍න‍වා ‍මේ ‍ගී‍ත‍යේ ‍සා‍මාන්‍ය ‍අර්ථ‍ය ‍හේ‍නක්‍ ‍ති‍ය‍න‍වා ‍මේ ‍හේ‍නේ ‍පැ‍ලක්‍ ‍නෑ ‍ඉ‍තින්‍ ‍හේ‍නේ ‍ඉන්‍‍න‍කො‍ට ‍අ‍වේ‍ලා‍වේ ‍ම‍හා ‍වි‍සා‍ල‍මො‍ර ‍සූ‍ර‍න  ‍වැස්‍‍සක්‍ ‍ක‍ඩා‍ගෙ‍න ‍වැ‍ටෙ‍න‍කො‍ට ‍නො‍තෙ‍මී ‍ඉන්‍‍න ‍තැ‍නක්‍ ‍නැ‍ති ‍කො‍ට ‍වැස්‍‍ස‍ට ‍අ‍හු ‍උ‍න ‍අම්‍‍ම ‍ත‍මං‍ ‍ගේ ‍තු‍රු‍ලේ ‍ද‍රු‍වා‍ව ‍නො‍තෙ‍මෙන්‍‍න ‍හං‍‍ගා‍ගෙ‍න ‍වැස්‍‍සේ ‍තෙ‍මෙ‍න‍වා . ‍වැස්‍‍ස ‍පා‍ය‍න‍කම්‍‍ම ‍ත‍මං‍‍‍ගේ ‍ද‍රු‍වා ‍තෙ‍මෙ‍න ‍එ‍කෙන්‍ ‍ව‍ලක්‍‍වා‍ගෙ‍න ‍අම්‍‍මා ‍තෙ‍මෙ‍න‍වා . ‍මේ ‍ගී‍ත‍ය ‍බො‍හෝ ‍ගැඹු‍‍රින්‍ ‍නො‍වි‍ම‍සා ‍න‍මුත්‍ ‍මෙ‍ත‍න ‍ති‍ය‍න‍වා ‍බො‍හෝ‍ම ‍අ‍නු‍වේ‍ද‍නී‍ය ‍ක‍තා‍වක්‍ . ‍ගී‍ත‍ය ‍ගැඹු‍‍රින්‍ ‍අ‍රුත්‍ ‍දැ‍න ‍ර‍ස ‍නො‍වින්‍ඳත්‍ ‍මෙ‍ත‍නත්‍ ‍අ‍හ‍න ‍කෙ‍නෙක්‍‍ට ‍බො‍හො‍ම ‍සං‍‍වේ‍ග‍යක්‍ ‍ඇ‍ති ‍වෙ‍න‍වා .

‍ම‍ම ‍කි‍යන්‍‍න ‍යන්‍‍නේ ‍රන්‍ ‍බණ්‍‍ඩා ‍ම‍හත්‍‍ත‍යා ‍මේ ‍සිං‍‍දු‍ව ‍ඇ‍තු‍ලේ ‍මී‍ට ‍වැ‍ඩි‍ය ‍බො‍හො‍ම ‍ලො‍කු ‍ක‍තා‍වක්‍ ‍කි‍ය‍ලා ‍ති‍ය‍න‍වා.‍ම‍ම ‍අ‍හ‍ලා ‍ති‍යෙ‍න‍වා . ‍ඒ ‍ටි‍ක ‍ම‍ම ‍ඔ‍බ‍ට ‍කි‍යන්‍‍න ‍යන්‍‍නෙ . ‍එ‍තු‍මා  ව්‍‍යං‍‍ග‍යෙන්‍ , ‍අ‍පි ‍කි‍යන්‍‍නෙ ‍කෙ‍ලින්‍ ‍කි‍යන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ව‍හෙන්‍ ‍ඔ‍රෝ ‍බා‍සා‍වෙන්‍ ‍කි‍ය‍න‍වා ‍කි‍ය‍ලා ‍ආන්‍‍න ‍එ‍හෙ‍ම ‍ලො‍කු ‍ක‍තා‍වක්‍ ‍මේ ‍ගී‍ත‍ය ‍ඇ‍තු‍ලේ ‍එ‍තු‍මා ‍කි‍ය‍න‍වා  , ‍මේ ‍ගී‍ත‍යේ‍දී ‍‍එ‍තු‍මා ‍පැ‍ල ‍නැ‍ති ‍හේ‍න ‍කි‍ය‍න ‍එ‍කෙන්‍ ‍අ‍ද‍හස්‍ ‍ක‍ර‍ලා ‍ති‍යන්‍‍නේ ‍තාත්‍‍තා ,‍අප්‍‍පච්‍‍චී ‍නැ‍ති ‍උ‍න ‍ගෙ‍ද‍ර .‍ගෙ‍ද‍ර‍ක ‍ප‍වු‍ල‍ක‍ට ‍ති‍ය‍න ‍ලො‍කු‍ම ‍ශක්‍‍ති‍ය ‍ත‍ම‍යි ‍ඒ ‍ගෙ‍ද‍ර ‍තාත්‍‍තා . ‍ඉ‍තින්‍ ‍මො‍කක්‍ ‍හ‍රි ‍වෙ‍ලා ‍ප‍වු‍ල‍ක ‍තාත්‍‍තා ‍නැ‍ති ‍උ‍නොත්‍ ‍ද‍රු‍වෙ‍කුත්‍ ‍ඉඳි‍ත්‍‍දී ‍අම්‍‍ම‍ට ‍සිද්‍‍ධ ‍වෙ‍න‍වා ‍ඒ ‍ද‍රු‍වා ‍පෝෂ‍ණ‍ය ‍ක‍රන්‍‍න . ‍ඉ‍තිං‍ ‍මේ ‍පැ‍ල ‍නැ‍ති ‍හේ‍න‍ට ‍ව‍හි‍න ‍වැස්‍‍ස‍ට ‍රන්‍ ‍බණ්‍‍ඩා ‍ම‍හත්‍‍ත‍යා ‍උ‍ප‍මා ‍ක‍රන්‍‍න ‍දුප්‍‍පත්‍‍ක‍ම . ‍‍ප‍වු‍ල‍ක ‍ලො‍කු‍ම ‍ආර්ථ‍ක ‍ශක්‍‍ති‍ය ‍උ‍න ‍තාත්‍‍තා ‍නැ‍තු‍ව ‍දුප්‍‍පත්‍ ‍ක‍ම ‍කි‍ය‍න ‍දේ‍ට ‍මු‍හු‍න ‍දෙ‍න ‍එ‍ක ‍ම‍හා ‍ව‍රු‍සා‍ව‍ක‍ට ‍තෙ‍මෙ‍න‍වා‍ටත්‍ ‍වැ‍ඩි‍ය  ‍බො‍හො‍ම ‍අ‍මා‍රු‍යි . ‍ප‍වු‍ල ‍කි‍ය‍න ‍හේ‍නේ ‍පැ‍ල ‍කි‍ය‍න ‍තාත්‍‍තා ‍නැ‍ති ‍උ‍නා‍ම ‍ප‍වු‍ල‍ට ‍ආ‍රක්‍ෂා‍වක්‍ ‍රැ‍ක‍ව‍ර‍න‍යක්‍ ‍නැ‍තු‍ව ‍ය‍න‍වා . ‍දුප්‍‍පත්‍ ‍ක‍ම ‍කි‍ය‍න ‍වැස්‍‍ස‍ට ‍හොඳ‍ට‍ම ‍තෙ‍මෙන්‍‍න ‍වෙ‍න‍වා . ‍ඒත්‍ ‍අම්‍‍ම ‍දුප්‍‍පත්‍ ‍ක‍මත්‍ ‍එක්‍‍‍ක ‍එ‍න ‍අ‍ග ‍හිඟ ‍කම්‍ ‍හැ‍ම ‍දෙ‍යක්‍‍ම ‍ද‍රා‍ගෙ‍න ‍ඒ ‍අ‍ඩු ‍පා‍ඩු ‍කි‍සි‍ම ‍දෙ‍යක්‍ ‍ද‍රු‍වා‍ට ‍දැ‍නෙන්‍‍න ‍දෙන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ද‍රු‍ව‍ව ‍ලො‍කු ‍ක‍ර‍න‍වා . ‍‍ඒ ‍කා‍ර‍ණ‍ය  ‍මේ‍ක ‍ලි‍ය‍න ‍කෙ‍නා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ ...
‍කි‍ය‍ලා ‍කි‍ය‍න‍වා . 

‍ගී‍ත‍යේ ‍දෙ‍වෙ‍නි ‍කො‍ට‍සින්‍ ‍කි‍ය‍න‍වා , ‍දැන්‍ ‍මෙ‍හෙ‍ම  ‍අම්‍‍ම ‍දුක්‍ ‍විඳ‍ලා ‍ලො‍කු ‍ම‍හත්‍ ‍ක‍ර‍පු ‍මේ ‍ද‍රු‍වා ‍නි‍සි ‍කා‍ල‍යේ‍දි ‍වි‍වා‍හ‍යක්‍ ‍ක‍ර‍ගන්‍‍න‍ව. ‍කො‍හො‍ම ‍උ‍නත්‍ ‍සැ‍මි‍යා ‍ස‍හ ‍බි‍රිඳ ‍කි‍ය‍න ‍මේ ‍දෙ‍දෙ‍නා ‍අ‍ත‍ර ‍වි‍වා‍හ ‍ජී‍වි‍තය ‍තු‍ල ‍සි‍දු‍ව‍න ‍යම්‍ ‍යම්‍ ‍නො‍ගැ‍ල‍පීම්‍ ‍නි‍සා ‍ඇ‍ති‍ව‍න   ‍‍ගැ‍ට‍ලු ‍හේ‍තු‍වෙන්‍ ‍අව්‍‍සා‍න‍යේ ‍බි‍රිඳ ‍මේ ‍පුද්‍‍ග‍ල‍යා‍ව ‍අත්‍ ‍හැ‍ර‍ලා ‍දා‍ලා ‍ය‍න‍වා . ‍අ‍පි ‍හැ‍මෝ‍ම ‍දන්‍‍න‍වා ‍ගෘ‍හ ‍ජී‍වි‍ත‍ය ‍තු‍ල ‍සි‍දු‍ව‍න ‍ගැ‍ටුම්‍ ‍නි‍සා ‍බි‍රිඳ ‍වි‍සින්‍ ‍සැ‍මි‍යා ‍අ‍ත‍හැ‍ර ‍ද‍මා ‍යා‍ම ‍‍නි‍සා සැ‍මි‍යා‍ට ‍ස‍මා‍ජ‍ය ‍තු‍ල ‍කෙ‍ත‍රම්‍ ‍නින්‍‍දා‍වක්‍ ‍විඳි‍න්‍‍න‍ට ‍සි‍දු‍ව‍න‍වා‍ද ‍කි‍ය‍න ‍කා‍ර‍ණ‍ය .‍මෙ‍හි‍දී ‍ඔ‍හු‍ට ‍ස‍මා‍ජ‍යෙන්‍ ‍එල්‍‍ල ‍ව‍න ‍නින්‍‍දා‍ව ‍කි‍ය‍න ‍වැස්‍‍ස‍ට ‍තෙ‍මෙන්‍‍න ‍වෙ‍න‍වා .  ‍එ‍මෙන්‍‍ම ‍ඇ‍ගේ ‍සෙ‍නෙ‍හ‍ස ‍නැ‍ති‍වී ‍ගි‍ය ‍ආ‍කා‍ර‍ය ‍ගී‍ත ‍ර‍ච‍ක‍යා ‍කි‍ය‍න‍වා ‍යෝ‍ධ ‍ඇ‍ලේ ‍ගි‍යා‍ය ‍කි‍ය‍ලා . ‍යෝ‍ධ ‍ඇ‍ලේ ‍ජ‍ල‍ය ‍ග‍ලන්‍‍නේ ‍ඉ‍තා‍මත්‍ ‍සෙ‍මෙන්‍ . ‍මන්‍‍ද ‍එ‍හි ‍බැස්‍‍ම ‍ඉ‍තා‍ම ‍අ‍ඩු ‍නි‍සා .( ‍කි‍ය‍න‍වා ‍ඉ‍ති‍හා‍ස‍යේ ‍එ‍හි ‍බැස්‍‍ම ‍සැ‍ත‍පු‍ම‍ට ‍අඟ‍ලක්‍ ‍කි‍යා).‍කො‍හො‍ම ‍න‍මුත්‍ ‍සෙ‍මින්‍ ‍හෝ ‍ඒ ‍සෙ‍නෙ‍හ‍ස ‍ඔ‍හු‍ට ‍අ‍හි‍මි ‍වූ ‍බ‍ව ‍ර‍ච‍ක‍යා ‍කි‍ය‍න‍වා . ‍ඒ ‍සෙ‍නෙ‍හ‍ස ‍අ‍හි‍මි ‍වී‍ම ‍තු‍ල ‍ඔ‍හු‍ට ‍ත‍ව ‍ත‍වත්‍ ‍ත‍ම ‍ම‍ව‍ගේ ‍සෙ‍නෙ‍හ‍ස ‍ත‍දින්‍ ‍දැ‍නු‍නු ‍බ‍ව ‍ඔ‍හු ‍මෙ‍සේ ‍කි‍ය‍න‍වා
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ...

ඔබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ...//

‍මො‍හු ‍ඉන්‍ ‍ප‍සු‍ව ‍කොළඹ ‍එ‍න‍ව . ‍ග‍ම ‍අ‍ත‍හැ‍ර‍ලා.‍ග‍මෙන්‍ කොළඹ ‍ආ‍පු ‍ඔ‍හු ‍බො‍හො‍ම ‍දි‍යු‍ණු‍ව‍ට ‍පත්‍‍වෙ‍න‍වා . ‍ධ‍න‍ය , ‍බ‍ල‍ය , ‍කීර්‍ති‍ය ‍සි‍යල්‍‍ල ‍ල‍බා‍ගන්‍‍න ‍ඔ‍හු‍ට ‍පෙ‍නෙ‍න‍වා ‍ත‍වත්‍ ‍වැස්‍‍ස‍ක ‍පෙ‍ර ‍නි‍මි‍ති . ‍ත‍වත්‍ ‍වැස්‍‍සක්‍ ‍කි‍යන්‍‍නේ ‍ත‍වත්‍ ‍යම්‍ ‍කි‍සි ‍ක‍ර‍ද‍ර‍යක්‍ , ‍එ‍ය ‍ර‍ච‍ක‍යා ‍කි‍ය‍න‍වා ‍කොළඹ ‍අ‍හ‍ස ‍ක‍ලු ‍වෙ‍ලා ‍මු‍හු‍දේ ‍හුළඟ ‍බො‍හො‍ම ‍වේ‍ග‍යෙන්‍ ‍හ‍මා‍ගෙ‍න ‍ය‍න ‍බ‍ව . ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍ඔ‍හු ‍අම්‍‍ම‍ගෙන්‍ ‍අ‍හ‍න‍වා ‍ත‍මන්‍‍ට ‍ලැ‍බු‍නු ‍මේ ‍ධ‍න‍ය ,  ‍බ‍ල‍ය , ‍කීර්‍ති‍ය ‍කි‍ය‍න ‍ඔ‍ටුන්‍‍න ‍බි‍ම ‍ති‍ය‍ලා ‍එන්‍‍න‍ද ‍කි‍ය‍ලා . ‍ත‍වත්‍ ‍වැස්‍‍ස‍ක‍ට ‍තෙ‍මෙන්‍‍න‍ට ‍බැ‍රි ‍නි‍සා . ‍ඒ ‍ව‍ගේ‍ම ‍ඔ‍හු ‍අම්‍‍ම‍‍ට ‍කි‍ය‍න‍වා ‍ම‍ම ‍එ‍න‍කං‍ ‍බ‍ලා‍ගෙ‍න ‍ඉන්‍‍න ‍කි‍ය‍ලා . ‍මේ ‍වි‍දි‍ය‍ට 
කොළඹ අහස කලු කරගෙන
මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ...

මං එනතුරු ඉදිකඩ ලග 
ඉන්නවාද අම්මේ...//       

‍කු‍ඩා ‍කා‍ල‍යේ‍දී‍ම ‍පි‍ය ‍සෙ‍නෙ‍හ‍ස ‍අ‍හි‍මි ‍වෙ‍ලා ‍පි‍ය ‍සෙ‍නෙ‍හ‍සත්‍ ‍ම‍වු ‍සෙ‍නෙ‍හ‍සත්‍ ‍දෙ‍ක‍ම ‍අ‍නේ‍ක‍වි‍ධ ‍දුක්‍ ‍ක‍ර‍ද‍ර ‍මැ‍ද ‍ම‍ව‍ගෙන්‍ ‍ල‍බ‍ලා ‍ත‍මන්‍ ‍වි‍වා‍හ ‍ක‍ර‍ගත්‍ ‍බි‍රිඳ‍ගෙ‍නුත්‍ ‍ත‍ම ‍ම‍ව‍ගේ ‍සෙ‍නෙ‍හ‍ස ‍මෙන්‍ ‍සෙ‍නෙ‍හ‍සක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වූ ‍ඔ‍හු‍ට ‍ම‍ව‍ගේ ‍සෙ‍නෙ‍හ‍ස ‍ත‍රම්‍ ‍සෙ‍නෙ‍හස්‍ක්‍ ‍ලො‍ව ‍කො‍තැ‍න‍ක‍වත්‍ ‍නො‍ම‍ති ‍බ‍ව ‍ප‍සක්‍ ‍ව‍න ‍අ‍ත‍ර‍ම ‍නැ‍ව‍තත්‍ ‍ත‍ම ‍ම‍ව‍ගේ ‍සෙ‍නෙ‍හ‍ස ‍සො‍යා ‍ගි‍ය ‍ආ‍කා‍ර‍යක්‍ ‍මේ ‍ගී‍ත‍ය ‍ඇ‍තු‍ලේ ‍ම‍ට ‍පෙ‍නෙ‍න‍වා .   
 
     ‍ද‍ව‍සක්‍ ‍පැ‍ල ‍නැ‍ති ‍හේ‍නේ ‍සිං‍‍දු‍ව ‍මෙ‍ත‍නින්‍ ‍අ‍හන්‍‍න ‍බ‍ලන්‍‍න

4 comments:

  1. මම කපුගේ මහත්තයාගෙ ඉතාමත් ප්‍රිය ක‍රන ගීතයක්. ඔබ ගීත විචාරයන් පිළිබදවත් උනන්දුයි නම් මනෝෂ්ගෙ
    සඳුමල් බ්ලොග කියවලා බලන්න. එහිත් වෙනස් යමක් තියෙනවා.

    සුබ පැතුම් බිනෝල් වෙනසට. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි ‍යා‍ලු‍වා . ‍මේ ‍ක‍ර‍න ‍දි‍රි‍මත්‍ ‍කි‍රීම්‍ ‍ව‍ල‍ට ‍ස‍හ ‍ම‍ට බ්‍‍ලොග්‍ ‍එ‍ක ‍හො‍ද‍ට ‍ක‍රන්‍‍න ‍ක‍ර‍න ‍උ‍ද‍වු ‍ව‍ල‍ටත්‍

      Delete
  2. අද පරපුරේ කි දෙනෙක් මේවා රස වදින්න දන්නවද

    ReplyDelete

‍කි‍යෙව්‍‍වා‍ට ‍පස්‍‍සේ ‍හි‍තෙ‍න ‍දේ ,‍යෝ‍ජ‍නා , ‍චෝ‍ද‍නා , ‍අ‍ද‍හස්‍ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ලි‍ය‍ලා ‍යන්‍‍න . ‍ඔ‍බේ ‍අ‍ද‍හස්‍ ‍අ‍ප‍ට ‍බො‍හෝ ‍ව‍ටී