ඔන්න අපේ අඩවියට ගොඩවෙන යාලුවන්ට තවත් පුංචි සෙන් රස කතාවක් දෙකක් කියන්න හිතුවා . මේ සමහර කතාවල් හරි සරල උනාට තේරුම බොහොම ගැඹුරුයි . සමහර ඒවට මටත් තේරුම් කියන්න අමාරුයි .හරිම තේරුම . අපේ කියවන අයට මේ කතාවලට තේරුම් , ආදර්ශ මොනවද කියලා කියන්න පුලුවන් නම් පහලින් ලියන්න . මේකයි අද පලවෙනි කතාව
ඔන්න එක කාලෙක හිටියලු සෙන් දහම උගන්වන සෙන් හාමුදුරුකෙනෙක් .සෙන් ගුරුවරයෙක් . මෙයාගෙන් දවසක් මෙයාගේ ශිෂයයෝ ඇහුවලු ගුරුතුමනි මේ ලෝකයේ තිබෙන දේවල් වලින් ගොඩාක්ම වටිනාම දේ මොකක්ද ?කියලා.පස්සේ මේ සෙන් ගුරුතුමා කිව්වලු මැරුණු පූසෙක්ගේ ඔලුව තමයි මේලෝකේ තිබෙන වටිනාම දේ කියලා . මේ කතාව අහලා බොහොම පුදුමයට පත් උන ශිෂයයෝ ඇහුවලු ඒ ඇයි ගුරුතුමනි මැරුණු පූසෙක්ගේ ඔලුව ලෝකේ වටිනාම දේ වෙන්නේ කියලා .ඊට පස්සේ මේ ගුරුවරයා කිව්වලු කිසිම කෙනෙකුට ඒකේ වටිනාකම කියන්න බෑ ඒකයි කියලා
වටිනාකම කියන්න බැරි ඒක ඒතරම් වටිනා නිසානේ .මම කියන්නේ නම් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒකේ කිසිම වටිනා කමක් නැති නිසා ඒකේ වටිනා කම කියන්න බෑ කියලා.හැබැයි වටිනාකම කියන්න බැරි ඇයි කියලා ඇහුවොත් ඒක ඒ තරම්ම වටින නිසාත් වටිනාකම හිතා ගන්න බැරි නිසාත් වෙන්න පුලුවන් වටිනා කම කියන්න බැරි(විකාර වගේද ? නෑ නේ ....)
තව ඔලුව අවුල් වෙන කතා ගොඩක් තියනවා . එහෙම එකක නැතුව මේ සරල කතාවක් හරි.එහෙම තව එකක් හෙට කියන්නම්.ජීවිතේ බොහෝම කාලයක් තිස්සේ ගොවියෙක් විදියට වැඩ කරපු මිනිසෙක් බොහොම වයසට ගිහින් තවත් කුඹුරු වැඩ කරන්න බැරුව මුලු දවසම ගෙදර ඉස්තෝප්පුවට වෙලා තියෙන පුටුවක ඉඳගෙන හිටියලු ඇවිද ගන්නවත් බැරි නිසා . මෙයා මෙහෙම හිටියට මෙයාගේ බොහොම තරුණ පුතා මුලු දවසේම මහන්සි වෙලා වැඩ කරනවලු කුඹුරු වල මෙයා තරුණ කාලේ වගේම . ඉතිං තමං ගේ තාත්තා මෙහෙම ඉන්නවා දකිනකොට මේ පුතාට හිතුනලු මේ නාකි මිනිහාගෙන් කිසිම වැඩක් නෑ , දවසේම කිසිම දෙයක් කරන්නේ නෑ කියලා . මේකට බොහොම තරහා ගියපු මේ පුතා දවසක් බොහොම ලස්සනට මිනී පෙට්ටියක් හදලා ලී වලින් මේක ඇදගෙන ආවලු ඉස්තෝප්පුවට . පස්සේ මේ වයසක මනුස්සයට කිව්වලු බහින්න මේ පෙට්ටියට කියලා . කරන්න දෙයක් නැති මේ තාත්තා මිනී පෙට්ටියේ දිගා උනාලු . පස්සේ මේ පුතා පෙට්ටියේ පියන වහලා පෙට්ටිය කරත්තේ දාගෙන ආවලු මහා ප්රපාතයක් ගාවට . ඇවිත් මේ පෙට්ටිය පහලට දාන්න ලෑස්ති වෙනකොට පෙට්ටියේ පියනට කවුදෝ හෙමින් තට්ටුකරන සද්දයක් ඇහුනලු . මේ පුතා පෙට්ටියේ පියන ඇරලා බැලුවලු .බලනකොට තාත්තා බොහෝම සතුටෙන් ඇස් පියාගෙන වැතිරිලා ඉන්නවලු පෙට්ටියේ . තාත්තා ඇස් ඇරලා පුතා දිහා බලලා කිව්වාලු පුතේ මම දන්නවා ඔයා මාව මේ ප්‍රපාතෙන් පහලට දාලා මරන්න යන්නේ කියලා . ඊට කලින් මම පුතාට දෙයක් කියන්නද කියලා ඇහුවලු .පුතා මොකක්ද කියලා ඇහුවම තාත්තා කියනවා පුතා ඔයා කැමති මාව මෙතනින් පහලට දාන්න නම් දාන්න . ඒකට කමක් නෑ ඒ උනත් මේ බොහොම හොඳ ලී වලි න් හදපු අපූරු මිනී පෙට්ටිය දාන්න එපා පහලට ඒක පරිස්සමෙන් තියාගන්න . සමහරවිට මේක ඔයාගේ දරුවන්ට තව කාලෙකින් ප්‍රයෝජනවත් වේවී කියලා .
මේකත් එක්කම තව කතාවක් ඔලුවට ආවා තාත්තා කෙනෙක් ගැන , හෙට කියන්නම් .ඔලුව අවුල් වෙන කතාවකුයි ඒකයි
පටස් ගාලා තේරුණ නිසාද මන්දා දෙවනි කතාව නම් ආදර්ශවත්ය.
ReplyDeleteප්ර්යා පලවෙනි කතාවත් කියවලා තියෙනවා මම දැක්කා . :) මේකේනම් පලවෙනි එක තේරුම් ගන්න අමාරුයි තමා . දෙවෙනි එක හිතට ගන්නවානම් හැමෝම හොඳයි තමා .
Deleteමමත් ගුප්ත විද්‍යා,බෞද්ධ දර්ශනය වගෙ දේවල් පස්සෙ ගිහින් හුඟක් දේවල් එකතුකර ගත්ත කෙනෙක්.මගෙ ඒ පර්යේශනවලදි මට අපූරු මිනිසුන් හමුවුනා.හුගක් දේවල් ඉගෙන ගත්ත.ඇත්තටම බුදුදහමෙ සාරාංශය තමයි හිතෙන් නිදහස් වීම.දුක,බය,සතුට ඔය හැම දෙයක්ම ඇතිවෙන්නෙ සිතිවිලි නිසයි.මේ සිතිවිලි ඇතිවෙන්නෙ බාහිර පරිසරය නිසයි.මේ සිතිවිලිවලින් නිදහස් වෙන්න අපට පුළුවන්.
ReplyDeleteසිතිවිලිවලින් නිදහස් වීමත් සමඟම මනස සැහැල්ලුවට පත්වෙනවා.ලොකු බරකින් නිදහස් වෙනවා.අධික ප්‍රීතියක් දැනෙන්නට ගන්නවා.වෛරය ද්වේශය වැනි හැම අගතියක්ම නැතිවෙලා මනස විප්ලවකාරී පරිවර්තනයකට පත් වෙනවා.කොටින්ම මනස අධිමානසික තත්වයකට පත්වෙනවා.
අපට මෙය කරන්න ක්‍රම කීපයක් තිබෙනවා.එකක් අපගේ සිතට ඇතුළුවන සිතිවිලි සියල්ල පලවා හරින්න.මෙය පහසු නැහැ.සිතිවිලිවලින් සිත පිරෙනවා.මුලින් ඉදගත්ත අරමුණැ අමතක වෙනවා.
මේ නිසා අපට පුළුවන් මෙය වඩාත් පහසු කරගන්න.ඒ මෙහෙමයි.අපේ සිටහ්ට එන සිතිවිලි නිරීක්ෂණය කරන්න.මේ සිතිවිල්ල ඇතිවුනේ ඇයි කියා බලන්න.මේ අභ්‍යාසය කෙටිකලක් කරන විට සිත ශාන්ත භාවයට පත්වෙනවා.නිවෙනවා.
ඔබ කියන කාරණයට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි . මට හිතෙනවා ඔබ මෙහි තවත් ලිපි කියවලා තිබෙනවා කියා . මම තව ඉදිරියට ඔබ කියනවා වගේ කරුණු ටිකක ලියන්න හිතාගෙන ඉන්නවා . බොහොම ස්තූත්යි ඔබේ අදහස් වලට . ඔබේ පර්යේෂණ ගැන , හමු වූ මිනිසුන් ගැන සහ ඔබ දැනගත් දේ ගැන විස්තර බෙදාගන්න කැමති නම් තවත් අයගේ ප්‍රයෝජනයට ලියන්න මට binolyasassri@gmail.com වෙත .
Deleteහොඳයි.ධර්මය ගැන සාකච්ඡාවිය යුතු දෙයක් ඇතැයි සිතුනොත් ඔබට දන්වන්නම්.හැමෝටම දැනගන්න ට මම කොමෙන්ට් ලෙස සමහර දේවල් පළ කරන්නම්.මට බ්ලොග් එකක් නැති නිසා මෙලෙස කිරීම යහපත් යැයි මා සිතනවා.
ReplyDeleteමීට පෙර ධර්ම කතිකාවතකට යන්නට මා සිතුවත් (මීට වසර 10 කට පමණ පෙර )එය කිසිම ප්‍රතිපලයක් නැති දෙයක් බව එක්තරා ක්‍රමයකින් දැනගන්න ලැබුනා.එය නම් මා ඊට අමතරව එක්තරා උතුම් කෙනෙකුගෙන් කෙළින්ම අසා දැනගත්තා.
මට එතුමා කී දෙයනම් ප්‍රතිපලය බින්දුව බවයි.
මා මෙම කොමෙන්ට් කොටන්නෙත් එයින් කිසිම ප්‍රතිපලයක් නැති බව දැනගෙනමයි.කිසිම කෙනෙක් ධර්මය දෙස හැරී බලන්නෙ නෑ.ඔවුන්ට එය විනෝදාංශයක් පමනයි.
මට නම් බොහෝ දෙනා කියා ඇත්තේ අද ධර්මය ලෙස අල්ලාගෙන ඇත්තේ වැරදි කොණකින් බවයි.ධර්මය යන නාමය යටතේ අධර්මය පමනක් නොව අසත්‍යයද වැජබෙනවා.අපට කළ හැක්කේ මුවින් නොබැන ඉන්නට පමනයි.ජනප්‍රිය වී ඇති මිත්‍යාව ඒ තරම් විශාලයි.
බොහෝ ගෞරවණීය උත්තමයන් සිටිනවා.ඔවුන් සිටින්නෙ මහා සම්ප්‍රදායෙන් බැහැරවයි.සමහරෙක් ආගමික යැයි කියන්නත් බැරි තරම්.මෙසේ දැනුම සොයා යාමත් පර්යේශන කිරීමත් එක අතකට තේරුමක් නෑ.සත්‍ය එක් වාක්‍යකට කැටි කරගත හැකියි.ඒ සිතෙන් නිදහස් වන්න කියන එකයි.
ReplyDelete2007 වසරේ මැයි මස මා භාවනාව අරම්භ කළා.එම වසරේ මා එක්තරා මට්ටමකට ආවා.එය මට අහිමි වුනා.මට අද වෙන තුරු යළි එම දෙය ලැබුනේ නැහැ.සත් වසරක් උත්සාහ කළා.නිවාඩුවක් එනකොටම මා සිතන්නෙ යළි එම උතුම් අවස්ථාව ලබා ගන්නවා කියායි.මොන
කිසිසේත්ම බැරිවුනා.
සිතෙන් නිදහස්වීම යනු ලෙහෙසි දෙයක් නොවෙයි.
රාජ්නීශ්,විශ්නු භාශ්කර ලීල්,අවුරෝබින්දෝ වැනි උතුමන් එය කෙළින්ම කීවට පුරාණයේ සිටි මුනිවරයන් කර ඇත්තේත් එකම දෙයයි.ඒ සිතෙන් නිදහස් වීමයි.ඉන්පසු එහි ගැඹුරට යත හැකියි.මට නම් ගැබුරට යන්න ඕන නෑ.කිසියම් ශාන්තභාවයක් ලබා ගත්තහම ඇති.මේ ශාන්තභාවයත් එක්කම දුක නැතිව යනව.මේක අත්දැකීමක්.පොතක තිබ්බ එකක් කියවල කොමෙන්ට් කරනව නොවෙයි.මේ සුවය වචන වලින් විස්තර කරන්න බැහැ.සමහර විට මේ කියවන බොහෝ දෙනෙක් මේ සුවය දැනටමත් අත්විදලා ඇති.
ඔබ මේ ලෙස අදහස් දැක්වීම මා බොහෝ සෙයින් අගය කරනවා . ඔබ කියන කාරණය ඇත්ත . මෙය වරෙක මමද මෙය තේරුම් ගත් කෙනෙක් . ධර්ම කතිකාවත නිෂ්ඵල දෙයක් බව . එහෙත් මෙයි න් ප්රයෝජනගන්නවුන් සිටින බව දැනගත් විට එම අදහස වෙනස් කරගත්තා . ටික කලකට . ඔබ කියන ආකාරයටම වර්තමාන මහා සම්ප්රදාය තුල ජනප්‍රිය නැති එහෙත් සිතෙන් බොහෝ දියුණු මහා යතිවරයන් වහන්සේලා සිටිනවා . මටද හමු වුනු . ඔවුන් බොහෝ නිදහසේ ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා සිටිනවා . මනසේ ඇති වන ස්වභාවයන් කිසිම විටෙක වචන වලට පෙරලන්නට බෑ . ලුණු නොකෑ අය ලුණු රසය නාඳුනන අයුරෙන්ම . එය විස්ත්ර කිරීමටද නොහැකිය වචනවලින් ,එහෙත් එය රස බැලූ කෙනෙක් ඉතා හොඳින් අඳුරයි.මන්ඳ ලුණු රස ස්වභාවයක් බැවින් . සසරින් ගැලවීම නම් අතිශය අමාරු බව නම් සැබෑය .
Deleteමටත් හම්බවුනා සෙන් කතාවක ඒකත් ඹලුව අවුල් කරන ජාතියෙ එකක්
ReplyDeleteජෝසු දිගු කාලයක් ZEN ඉගැන්වූ ගුරුවරයෙක්. වරක් ශිෂ්‍යයෙක් පැමිණ ඔහුගෙන් මෙසේ විමසුවා.
"මනසේ කිසිවක් නැතිනම් මම මොකක්ද කරන්න ඕනෙ?"
ජෝසු: එලියට ඇදල දාන්න
ශිෂ්‍යයා: ඒ වුනාට එලියට ඇදල දාන්න මොකුත් නෑනෙ?
ජෝසු: එහෙනම් තියාගන්න
මේක ටිකක් හිතාගන්න අමාරැයි