නමෝ තස්‍ස භගවතෝ අරහතෝ සම්‍මා සම්‍බුද්‍ධස්‍ස
Friday, July 18, 2014
. ඔබ මිනිසෙක් ලෙස ඉපදුනේ ඇයි?
බ්ලොග් පෝස්ටුව . ලියන්න පටන් ගන්නකොටම මම ඔබෙන් අහනවා ප්රශ්නයක් , ඔබ කවදා හරි කල්පනා කලාද මම තිරිසන් සතෙක් වෙලා මේ පෘතුවියේ පහල වෙන්නේ නැතුව මනුස්සයෙක් වෙලා ඉපදුනේ ඇයි? කියලා.නැත්නම් ඔබත් තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්න පුලුවන් නේ . ජීව විද්යාව දන්න කෙනෙක් කියන්න පුලුවන් මිනිස්සු කියන්නෙත් තවත් ජීවීන් කොටසක් කියලා . ඒත් මනුස්ස කියන වචනය ඇතුලේම තියනවා මනසින් උසස් නිසා මිනිසා කියනව කියන එක . තිරිසන් කියන්නේ තිරස් අතට නැත්නම් හරහට සන් කියන්නේ සරන හැසිරෙන කියන අර්ථය එතකොට තිරිසන් කියන්නේ හරස් අතට හැසිරෙන නිසා . කොන්ද කෙලින් තියාගෙන ඇවිදින මිහිපිට සිටින එකම ජීවී විශේෂය මිනිස් ජීවීවිශේෂය . ඒ වගේම උසස් මනසක් යමක් ගැඹුරෙන් කල්පනාකොට කල හැකි මනසක් හිමි එකම ජීවී කොටස , ඔබ කල්පනා කලාද ඔබ මනුස්සයෙක් උනේ ඇයි කියලා ? මම කියන්නම් ඇත්තටම උත්තරේ , ඔබ මනුස්සයෙක් උනේම මේ සසර දුක කියන එක නැති කරගන්න , ඉපදීම කියන කාරණය අවසන් කරගන්න . සදහටම ලෙඩ වෙන එක වයසට යන එක මැරෙන එක අවසන් කරගන්න සදාකාලික නිවීයාමකට පත්වෙන්න නිවන් දකින්න . ඒක තමයි ඇත්ත .
ඒත් සමහර අයට මේකට හිනා යන්නත් පුලුවන් '' ඔබ මේ ලෝකයට මිනිසකු වී උපත ලබන්නේ නිවන් දැකීමටම පමණි '' කියන කාරණයට . මම පැහැදිලි කරලා දෙන්නම් . සමහර මිනිස්සු හිතනවා ඒ අය මේ ලෝකෙට ඉපදෙන්නේ කන්න ,බොන්න , ජොලි කරන්න , කසාද බඳින්න , ලව් කරන්න , දරුවෝ හදන්න , සල්ලි හොයන්න , දේශ පාලනය කරන්න , සින්දු කියන්න , බිස්නස් කරන්න , කාර් ගන්න ,ගෙවල් හදන්න ලස්සනට ඉන්න , ෆැශන් කරන්න රඟපාන්න තව කෝ oooooooooooooooooooooo ටියක් දේවල් වලට කියලා . (තම තමන් දැනට කරන දේවල් මේක ඇතුලට දාගන්න පුලිවන් කැමති කෙනෙක්ට , බුදු හාමුදුරුවෝ කිව්වේ හැම කෙනාටම පිස්සු කියලා , විමුක්තියට පත්වූවන් හැර , හිතන්න තමන් කරන පිස්සු වැඩ කොච්චරද කියලා)මෙහෙම මේ ලෝකේ මනුස්සයෙක් වෙලා ඉපදෙන හැම කෙනෙක්ම මොකක් හරි දෙයක් කරනවානේ ,මම අහන්නේ මේ වෙනකම් ජීවිතේ ඔබ මනුස්සයෙක් වෙලා කරපු දේවලුයි තරිසන් සතෙක් කරන දේවල් වලයි අතර වෙනසක් තියනවදකියලා තිරිසන් සත්තුත් මොකද කරන්නේ ඉපදෙනවා , වර්ධනය වෙනවා , කන්න හොයාගන්න හැටි ඉගෙන ගන්නවා , ඒ විදියට කෑම හොයාගන්නවා , කනවා , ලිංගික සබඳතා ගෑණු පිරිමි සබඳතා ඇති කර ගන්නවා , දරුවෝ හදනවා , හදා ගත් දරුවෝ ලොකු කරනවා , වයසට යනවා මැරිලා යනවා . මම අහන්නේ ඔබේ ජීවිතයෙත් මෙතෙක් කරපු හැම දේම මේ කියපු කාරණා ටික ඇතුලට දාන්න පුලුවන් . මොන වෙනස් කම් ගැන කතා කලත් . මෙහෙම උනාම ඔබ මනුස්සයෙක් වෙලා ත් ඔබයි තරිසන්නුයි අතර කිසිම වෙනසක් නෑ නේ කියලා හිතෙනවද?'' ජීවිතයේ සියලු භෞතික දේ පසුපස හඹාගොස් තමන් ගේ මුලු ජීවිතයම ගෙවා දැමූ , තම ජීවිතය තුල ආධයාත්මිකව කිසිවක් සාක්ශාත් නොකෙරූ කිසිවකුගේ ජීවිතය තිරිසන් සතෙකුගෙවා දමා අවසන්කල ජීවිතයට දශමයකිනිදු වෙනස් නොවන්නේය ''මං ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ ඒක .
මෙහෙම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ යකා මාර කතාවක් නේ කියන්නේ ? එතකොට අපි ලොකු වෙන්න එපා , ඉගෙන ගන්න එපා , රස්සාවල් කරන්න එපා , පිරිමි නම් ගෑණු එක්ක / ගෑණු නම් පිරිමි එක්ක සම්බන්ධ කම් තියා ගන්න එපා කසාද බඳින එක එපා ,දරුවෝ හදන්න එපා අනිත් මොකුත් කරන්න එපා ඔක්කොම අතෑරලා කැලේට ගිහිල්ලා භාවනා කරපල්ල , මහණ වෙයල්ල නිවන් දකින්න කියලා . එහෙම කරනවා නම් ගොඩක් හොදයි ඒත් මම ද න්නව කාම ලෝකයේ මේ කාමයන්ට වහ වැටිච්ච එකෙක් වත් එහෙම කරන්නේ නෑ කියලා . ඒක හරි , මතක තියා ගන්න බුදු හාමුදුරුවොත් එහෙම කියන්නේ නෑ හැබැයි පරශ්නේ තියන්නේ අපේ අය වෙන වැඩ අතරේවත් මේක කරන්නෙ නැති එකයි , මේක දුකක් කියලා නොදන්න එකයි මේදුකෙන් නිදහස් වෙන්න එක දශමයක් වත් උත්සාහ නොකරන එක්යි .
මම උදාහරණ කීපයක් කියන්නම් , අනේ පිඩු සිටුතුමා සෝවාන් උනේ කැලේට ගිහින් භාවනා කරලා නෙමේ නේ , අනේ පිඩු සිටු තුමා කියන්නේ අපේ කාලේ වගේ කියනවා නම් හරියට සිද්ධාලේප මහත්තයා වගේ , වෙන්ඩෝල් මහත්තයා වගේ , ඩී එස් අයි මහත්තයා වගේ පින් කම් කරන සල්ලි තිබුන බිස්නස් කාරයෙක් , විශාකා මහ උපාසිකාව කියන්නේ අවුරුදු 7 දී සෝවාන් උන මිගාර මාතු ප්රාසාදය එහෙම කරපු අද කාලේ හැටියට මේ අපේ සෝමා එදිරිසිංහ වගේ කෙනෙක් , සෙල්ලං නෑ දරුවෝ 20 කුත් හිටියා , අපේ මේ කියවන කට්ටිය අහලා තියනවදා දන්නේ නෑ වේලු කණ්ඨකී නන්ද මාතාව කියන කෙනා අනාගාමී උපාසිකාවක් වයසට ගියපු මම කියන්නේ මේ කට්ටියත් පවුල් ජීවිත ගත කරපු අනිත් හැම දේම කරපු අය . ඉතිං අපේ මිනිස්සුන්ට බැරි ඇයි මේ දේවල් කරන අතරේම තමං ගේ නිවීමටත් වැඩ කරගන්න . අර තරම් බිස්නස් කරන අර තරම් දරුවෝ හදන අර තරම් වයසට ගිහිල්ලත් ගෙදර වැඩ කරන අතරේ මේක කරගත්තා නම් අපේ අද කාලේ ඉන්න අයට මෙච්චර හැම වැඩකටම මැෂින් තිබිලා , ඉක්මමට යන්න එන්න වාහන තිබිලා , තාක්ෂණට දියුනු වෙලා , වැඩ කරගන්න මෙච්චර පහසු වෙලා කරගන්න බැරි නම් වැඩක් නෑ . වරද ජීවිතය සංකීරණ කරගෙන සරල කරගන්න තියෙන තැනින් . ඔබට ජීවිතේ මෙච්චර සරල වෙලා ඒක දකින්න බැරුව ජීවිතේ සංකීර්ණ කරගෙන ඉන්නවා මෙහෙම ඉඳලා මැරෙන දවසක ඔබත් තිරිසන් සතෙක්ට වෙනස් විදියකට නෙමෙයි නම් මැරෙන්නේ තිරිසන් සතෙකුගේ සිතත් ඔබේ සිතත් අතර එක දශමයක වත් පරතරයක් හදා ගන්න තවමත් ඔබට බැරි උනා නම් මම කියන්නේ වැඩක් නෑ මේ දේවල් කරන අතරේම ටිකක් මහන්සි වෙන්න ආධයාත්මික පැත්ත ටිකක් දියුන කරගන්න . මැරෙන කොට දාලා යන පොලවට පස් වෙන දේවල් මත්තේම නහින්න හදන්නේ නැතුව ජීවිතයට සල්ලි ඕන හැබැයි සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ කියලා අහලා ඇති නේ . නැත්නම් බල්ලෙකුත් ඔබත් අතර බාහිරින් පෙනුම වෙනස් උනාට මානසිකව කිසිම වෙනසක් නැති වේවි . ඒ වෙනස හදා ගන්න උත්සාහ කරන්න .
මේ කියන කතා මේ බෙහෙත් තිත්තයි තමයි , ඒත් ලෙඩේ හොඳ වෙනවා සහ සුද්දෙම්ම , ඒක හින්දා අමාරුවෙන් උනත් බොන්න ලෑස්ති වෙන්න . දර්මය කියන දේ ජීවිතයට එකතු කරගෙන පුරුදු කරන්න ලෑ ස්ති වෙන්න . හැමදාමසීනි තවරපු පැණි රස බෙහෙත්ම බීලා නැති ලෙඩ හදා ගන්නේ නැතුව.සීනි තවරපු පැණි රස බෙහෙත් කිව්වේ ඔබේ ජීවිතයට එන ප්රශ්න වලට දෙන තාවකාලික විසඳුම් , ජීවිතේ දුක එනකොට ඒක ඒ වෙලාවට නැති කරගන්න දේවල් . හරියට අරක්කු බොනවා වගේ , දුක ප්රශ්නේ එහෙමමයි ටික වෙලාවකට අමතක වෙලා ඉතින් වැඩක් නෑ .හැබැයි ධර්මය කියන එක ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් හැමදාටම සදහටම දුක නැති වෙනවා , දුක නැතුව ඉන්න පුලුවන් .
හැබැයි ඔබ මොකද කරන්නේ මනුස්සයෙක් වෙලා ඉපදුනේ ඇයි කියන එක අමතක කරලා තමන් මේ ලෝකෙට ඉපදුනේ ඇයි කියන එක අමතක් කරලා ආපු වැඩේ නොකර අනිත් හැම දේම හැම මගුලම කරනවා ආපු වැඩේ නෑ . ඕකට වැරදි කාරයෝ ඔබම නෙමේ ඔබේ දෙමවු පියෝ , ඒ මෝඩයනුත් දන්නේ නෑ ඇයි මිනිස්සු වෙලා ඉපදුනේ කියලා ඔවුන්ටත් ඒක කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ , ඔවුනුහ් කලේ තමන්ට තමන් ගේ අම්මා තාත්තා උගන්වපු දේ ඔබට උගන්වපු එක විතරයිහැමෝම කරන්නේ තමන් ආපු වැඩේ අමතක කරලා වෙන වෙන දේවල් ජීවිතේ පුරාම කරලා වෙහෙස වෙලා අවසානයේ කිසිම දෙයක් නැතුව තිරිසන් සතුන් හා සමානවම මරණයට පත්වෙනවා . ඔබ බොහොම අමාරුවෙන් මනුස්සයෙක් වගේ ඉපදිලා සැබෑම මනුස්සයෙක් වෙන්නෙ නැතුව තිරිසන් සත්තු කරන ටිකම කරලා තිරිසනෙක් වගේ මැරිලා යනවා . ඒක නිසා තේරුම් ගන්න ඔබ මනුස්සයෙක් උනේ ඇත්තටම මොකටද කියලා . මිනිස්සුන්ට තමන් ගේ ජීවිතේ හැමදේම කරන්න වෙලා තියනවා . තමන් ගේ අම්මා තාත්තා ගේ , බැඳලා නම් ගෑණිගේ , ගෑණියෙක් නම් තමං ගේ මිනිහගේ වැඩ , රස්සාවේ දේවල් දරුවෝ ඉන්නවානම් උන් ගේ දේවල් ඔක්කොටම වෙලා තියනවා . පන්සලකට යන්න වෙලාවක් නෑ , දර්ම දේශනාවක් අහන්න වෙලාවක් නෑ . රස්සාවේ වැඩක් එක්ක ගමේ පන්සලේ වැඩක් තිබුනොත් තෝරගන්න ගොඩාක් මිනිස්සු රස්සාව තෝරගන්නවා , ඇයි ඉතිං ගියේ නෑ කියලා ගමේ පංසලේ හාමුදුරුවෝ බනින්නේ නෑනේ , හැබැයි වැඩට ගියේ නැත්නම් ලොක්කා බනිනවානේ නේ ......... මම කියන්නේ පන්සලට යන එක දෙකෙන් වඩා වටින එක කරගන්න කියලා ඔබට එහෙම උනොත් ඔබට සංසාරේ වරදින්නේ නෑ
ඔබ මේක කියවන තවම නාකි උනේ නැති කෙනෙක් නම් අහලා බලන්න ඔය වයසට ගිය නාකි ගෑණු කෙනෙක්ගෙන් පිරිමි කෙනෙක්ගෙන් ඔබ මේ තරුණ වයසේ මැදි වයසේ ඉඳගෙන කරන දේවල් ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් ඔක්කොම කරපු අයනේ නාකි වෙලා ඉන්නේ අහන්න ඔබ මේ වෙනකොටත් කරන ඉගෙනගන්න රස්සාවල් කරන ගෙවල් හදන වාහන ගන්න බොහොම සැප ජීවිත ගත කරන්න ලස්සන ගෑණියෙක් ගන්න , හොඳ සල්ලි තියන කොල්ලෙක් බඳින්න හීනමවන , වස්තුව එකතු කරන දේවල් ඔවුනුත් කරලා මොකද ජීවිතේට වෙලා තියන්නේ කියලා ඔබ ප්රශ්න කරන්න . අහන්න මේ දේවල් කරලා මේභෞතික දේවල් එක්ක හැප්පිලා ජීවිතය පිරුනාද කියලා දැං ඔක්කොම හරිද සම්පූර්ණද කියලා , මොනවාද තමං ගේ ජීවිතේ සාක්ශාත් කලේ කියලා ? මම බොහොම වගකීමෙන් කියනවා බහුතරය නාකි උන මෝඩ තමංගේ ජීවිතය වැඩකට නැති දේවල් එක්ක හප්පපු උන් කියාවි මොනවත් නෑනේ කියලා මම කියන්නේ ඔබටත් ඔය උත්තරය දෙන්න වෙන්නේ නැති තැනකට ඔබේ ජීව්තය අරන් යන්න ජීවිතයෙන් ගැලවෙන්න අනිත් හැමදේමත් කරන ගමන් මේ මොහොතේම ලෑස්ති වෙන්න . ඔක්කොම හරි ගිහින් තියන්නේ ආයේ බල බල ඉන්න කාලයක් ඔබේ ජීවිතේ නෑ මේ මොහොතේම පටං ගන්න
Subscribe to:
Post Comments (Atom)
Bogoma lassanata godak watinaa prayojanwath api katath amathka wenadeyaka liyala thiyenawa..
ReplyDeleteබොහොම ස්‍තූතීයි යාලුවා . මේ දේවල් මම බොහොම දිරිමත් කරනවා තවත් ලියන්‍න මේ වගේ ලිපි ,මේක කියවලා ජීවිතයට එකතු කරගන්‍නවානම් ඒක බොහොම සතුටක් මට
Deleteනියමයි !!
ReplyDeleteඔබතුමා කියලා තියෙන ටික හරි.නමුත් නොතේරෙන දෙය නම් නිවන් දැකීමට කල යුතු දේවල් මොනවාද ?
ReplyDelete