හොඳ ගීතයක් හරියට හොඳ පොත්‍ක් වගේ කියලා මට හිතෙනවා . ප්‍රමාණයෙන් වෙනස් උනාට දෙකේම ගැඹුර එක වගේ කියලා හිතෙනවා . පොතක මහා විසාල විදියට කියන කතාව ගීතයකින් පුදුම විදියට සංෂිප්‍ත කරලා කියනවා . හොදයි අද මම කියන්‍න යන්‍නේ අපි කවුරුත් බොහොම හොඳින් දන්‍න ව්‍ශාරද නන්‍දා මාලනියගේ බොහොම විශිෂ්‍ට ගායනයක් වන ''රුවල් ඉරී ගිය නෞකාවේ '' කියන ගීතය ගැන යමක් කියන්‍න . මගේ බ්‍ලොග් එකෙට ගොඩවැදිලා ගුණදාස කපුගේ මහත්‍තයාගේ ''දවසක් පැල නැති හේනේ - අකාල මහ වැහි වැස්‍සා '' කියන ගීතය ගැන කියවපු අපේ කට්‍ටිය දන්‍නව ඇති මම මේ ලියන්‍නේ විචාර යක් නම් නෙමේ , මම උත්‍සාහ කරනවා ගීතයක් ගැන මට දැනෙන විදියට බොහෝම නිදහසේ කතා කරන්‍න .
නන්‍දා මාලනී කිව්‍වාම ඉතින් මම හිතන්‍නේ නෑ කවුරුවත් දන්‍නේ නැති කෙනෙක් ඇති කියලා .ඒ උනත් මම හිතනවා එතුමිය ගැන පුංචි වචනයක් හරි කියන්‍ඩ ඕන කියලා නැත්‍නම් නිකං හරි නෑ වගේ නේ .... ඉපදුනේ 1943 අගෝස්‍තු 23 , අලුත්‍ගම , පලමු ගීතය කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" ට "බුදු සාදු" නම් ගීතය, 1984 වසරේදී විශාරද උපාධිය ලබාගත්‍තා , 1961 දී ඇය ඇගේ කුලුදුල් චිත්‍රපටි ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගයනා කළා ලංකාවේ ප්‍රතම වර්‍ණ චිත්‍රපටය රන් මුතු දූවට .මාලනියන්ගේ සාර්ථක නිෂ්පාදනයන් විදියට : පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍යය ගීතය, “පවන ගී එකතුව“,හේමන්තයේදී, තාරුකා ඇස්, පාවෙනා, සින්දු හෝඩිය, කිඳුරියකගේ විලාපය, මඳු බඳුන්, තරු, මල්මඳ බිසව්, සිනමා ගීතාවලෝකන, කිරිමදුවැල් , ලන්ඩනයේදී ගැයූ ගී, යතුර, හඳහාමි , සංඛ පද්ම, පෙම්බර ලංකා, කුංකුම පොට්ටු, ග්‍රැමෆෝන් ගී, අරලිය ලන්දට, මලට රේණු, නිලම්බරේ , සාරි පොඩිත්තක් සහ පිරිත් පැන්,වගේ කැසට් නිර්‍මාණ කියන්‍න පුලුවන් .අදටත් ඉතිං සිරසත් එක්‍ක කරපු මියෙසි තටාකය , ශ්‍වේත රාත්‍රිය එහෙම අද ඉන්‍න කොල්‍ලෝ කෙල්‍ලොන්‍ටත් මතකයි නේ , මේ පහුගිය දවසක ගියපු ටෙලි වලත් තේමා ගීත් කීපයක් ම ඇය ගායනා කලානේ . දැං මේ නන්‍දා මාලනී ගැන කියන්‍නේ සිංදුව ගැන කියන්‍නේ නැත්‍ද කියලා හිතනවා ඇති නේ .මම හිතනවා මේ ගීතය මේ තරමට ජප්‍රිය උනේ නන්‍දා මාලනී හින්‍දා කියලා ඒක හින්‍ද්‍යි'' මේ ගීතය ලියපු මහාචාර්‍ය සුනිල් ආරියරත්‍න '' ගැන කියන්‍නත් කලින් නන්‍දා මාලනී ගැන ටිකක් කිවේ .මේ ගීතයේ සංගීතය රෝහණ විජේසිංහයන් ගෙන් .
මේ ගීතය ලියපු මහාචාර්‍ය සුනිල් ආරියරත්‍න ගැන කියනවා නම් කියන්‍න ගොඩාක් දේ තියනවා . ලංකාවේ ගීත රචනා කලාවේ ඉන්‍න අංක එක්‍කේ වැඩ කාරයෙක් . මහාචාර්‍ය තුමා ලියපු ගීත ගැන දැන ගන්‍න මෙතනින් ගිහින් බලන්‍න.ඕන කෙනෙක් . මේ ලිපියේ පහළ තියනවා.ලින්‍ක් එක (තව මේක කියවපු අයට අහු උනොත් එහෙම එතුමා ගැන හරි එතුමා ලියපු ලිපි ගැන හරි වෙබ් ලින්‍ක් පහල කොමෙන්‍ට් කරන්‍න අවසරයි මම දාන්‍නම් මෙතනට )
එතුමා ලංකාවේ සිංහල මහාචාර්‍ය වරයෙක් , ගීත රචකයෙක් , සිනමා නිර්‍මාපකයෙක් , වගේ බොහොම ක්‍ෙෂ්ත්‍ර වල නියැලෙන කෙනෙක් ..මේ තියන්‍නේ සිංදුව
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනී...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට...
රුවල් ඉරී ගිය නෞකාවේ...
දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට...
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම...
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින...
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම...
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට...
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට...
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - රෝහණ වීරසිංහ.
ගායනය - නන්‍දා මාලනී
මේ..... මට මේ ගීතයට අදහසක් ලියන්‍න යනකොට කල්‍පනා උනේ කියන්‍න ඔයාලට එක ගීතයකට අදහස් තේරුම් ගොඩාක් තියෙන්‍න පුලුවන් කියලා . සමහර වෙලාවට ගීතය ලියපු කෙනට වැඩිය තව කෙනෙක් ඒ ගීතයට තේරුමක් දෙන්‍න පුලුවන් ,කතාවක් කියන්‍න පුලුවන් ඒක ගීතය රචනා කරපු කෙනා ඒකට දීපු අර්ථයටත් වැඩිය අර්ථවත් වෙන්‍න පුලුවන් . මේ ගීතයත් ඒ වගේ යාලුවනේ ගීතයටබොහොම වටිනා අර්ථයන් දෙන්‍න පුලුවන් ගීතයක්
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනී...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට...
රුවල් ඉරී ගිය නෞකාවේ...
මේ සිංදුවේ පලවෙනි කොටස මේ කොටසින් කියවෙන අර්ථ කීපයක්‍ම තියෙන හින්‍දා මම මේකේ මූලිකවම කියන්‍න පුලුවන් වඩාත් අර්ථවත්‍ම කාරණය ගැන කිව්‍වොත් මෙතන රුවල් ඉරී ගිය නෞකාව කියන්‍නේ වයසට ගිහින් බොහොම දිරලා ගිය ,ලෙඩ උන ,මහලු උන ශරීරය . මේ ශරීරය පෝෂණය කරගෙන ඉදිරියට අරගෙන යන නියමුවා තමයි මේ හිත කියන්‍නේ . මේ මුලු ගීතය පුරාම කියන්‍නේ මේ දිරාගිය මහලු ශරීරය හිතට කියන කාරණා ටිකක් . මේ නෞකාව යන සාගරය තමයි සංසාරය කියන සාගරය . මේ සංසාරය කියන සාගරයේ (තවත් ගැඹුරෙන් හරියටම කිව්‍වොත් විඤ්ඤාණය කියන සාගරයේ ) කරදර ලෙඩ දුක් කියන රැලි තියනවා .ඉතින් මේ රැලි වලට බොහොම ලේසියෙන් මේ කය සංසාරය තුල ගිල්‍වාදාන්‍න පුලුවන් . නෞකාවක යන කෙනෙක්‍ට ගොඩ බිමකට ගියොත් පුලුවන්‍කිසිම විදියකින් නොගිලී ඉන්‍න . මේ ගොඩබිම තමයි නිර්‍වාණය කියන්‍නේ . නිර්‍වානය කියන ගොඩබිමට ගියොත් ආයෙ කවදාවත් සංසාරය කියන සාගරයේ ලෙඩ දුක් කියන රැලි වලට හසු වෙමින් කොඉ මොහොතේ ගිලිලා යාවිද මැරිලා යාවිද කියලා බයෙන් ඉන්‍න ඕන නෑ , අනිත් කාරණය තමයි මේ නෞකාව බොහෝම විනාශයට පත්‍වෙලා තියනවා ,විනාශයට පත්‍වූ නෞකාවකින් ගොඩබිමකට යන්‍න බෑ වගේ කවුරු හරි කෙනෙක් තරුණ වයසේදී නිවන් මග යන්‍න පටන් ගත්‍තේ නැත්‍නම් වයසට ගිහින් කය දුර්‍වල උනාට පස්‍සේ බෑ මේ නැව වගේ . ඉතින් නැව මේ නියමුවාට කියනවා මාව අතෑරලා දාන්‍න කියල දැන්‍වත් . මොකද කයට තියන ආශාව අතෑරගන්‍න බැරිනම් නිවන් දකින්‍න බෑ , හැබැයි කවුරු හරි ඤාණවන්‍තයෙක් වයසට ගිහින් හරි මේ කය අතහරින්‍න පුලුවන් නම් දක්‍ෂ නම් ඔහුට පුලුවන් නිර්‍වාණ ගොඩබිමට යන්‍න . මම මගේ '' දහම් මල් විය '' ලිපි පෙල පුරාවටමත් ඔබට කියන්‍නේ මේ සුනිල් ආරියිරත්‍න මහාචාර්‍ය තුමා ගීතයෙන් ඔබට කියන්‍නට හදන කාරණයමයි .
මෙහෙම යනකොට මේ හිත කියන නැවියා මේ නැව කියන ශරීරය පෝෂණය කරන ආකාරය ඊලඟ දෙවෙනි කොටසේ පද දෙකෙන් කියනවා . හිතට ඉන්‍ද්‍රියයන් ඔස්‍සේ විවිද අරමුණු දෙමින් ඒ අරමුණු ඉටු කරමින් සතුටු කරන ආකාරය මේ සිත .
දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට...
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම...
පසුවට ශරීරය , දිරා ගිය වයසට ගිය කය කියනවා මාව මෙච්‍චර කාලයක් පෝෂණය කරපු ඔබ තවත් මේ මට තිබෙන ආශාව , මේ දිරාගිය ශරීරය සමග වුවත් තවත් කාලයක් ජීවත් වන්‍නට තිබෙන ආශාව අතහැර යන්‍න කියලා . මොකද මේ ජීවිතාශාව කියන එක නැති උනේ නැත්‍නම් තවත් වාරයක් මේ දුක උරුම වෙනවා කියන එක , මේ සසර යලිත් උපදින්‍නට වෙනවා කියන එක වලක් වන්‍නට බෑ ,ඒ නිසා ශරීරය කියනවා මේ සසර තුල මේ භවය තුල මාව අතෑරලා යන්‍න ,තනිව ගිහින් නිදහස්‍වෙන්‍න මේ මේ සසරින් පිහිනා යන්‍න නිවන් ගොඩබිමට කියලා
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින...
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම...
පසුවට මේ සසර යන සිත නම් නැවියාට කියනවා
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට...
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට...
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට...
මේ බොහොම වයසට ගිහින් දිරලා ටික ටික වත් මේ මරණය කියන සසර සයුරේ ගිලෙන නියත ස්‍වභාවයට මම පත්‍වෙනවා . ඒකට වැඩි දවසක් නේ ඒක නිසා ජීවිතය පවත්‍වන්‍නට ඇති ආශාව ඉවත්‍කොට දෑස් පියාගෙන හිත ශක්‍තිමත් කරගෙන මේ කය පවත්‍වන්‍නට ඇති අශාව ඉව්‍ත්‍කර නැවත දුකකට නොපැමිණෙන නිවන නම් ගොඩබිමට යන්‍න කියලා කියනවා පිහිනලා . මැරෙන කෙනෙක් නිවී පරිනිර්‍වාණයට පත්‍වෙන කෙනෙක් වෙන්‍න කියනවා .
මේ මම කියන්‍න යන්‍නේ මේ ගීතය ඇතුලේ තියන තවත් රසවත් කතාවක් , ගැහැණියක් සහ පිරිමියෙක් කියන දෙන්‍න කසාද බැඳලා බොහොම සතුටෙන් ජීවත්‍වෙනවා . මේ විවාහය කියන නෞකාව ගෙනියන නියමුවා වෙන්‍නේ පිරිමියා , දෙදෙනෙක් පවුල් ජීවිත ගෙනියනකොට ඒ පවුල ඇතුලේ විවිද ගැටලු ප්‍රශ්‍න ඇති වෙනවා . හරියට මහා විසාල කුනාටු වගේ . එහෙම මහා විසාල කුනාටු කියන ප්‍රශ්‍න වලට මේ පවුල් ජීවිතය කියන නෞකාව මුහුණදෙනකොට සමාජය කියන සාගරයේ , විවිද මහා විසාල රැලි නැෙඟනවා . සමාජයෙනුත් ප්‍රශ්‍න නැගෙනවා සමහර විට මුහුණ දෙන්‍න අපහසු නින්‍දා අපහාස වගේ රැලි එනවා . මේ වගේ රැලි එනකොට මේ පවුල ගෙනියන ඔහුට තම පවුල යහපත් අවසානයකට ගෙනියන්‍න බැරි වෙනවා , මේ ගැටලු ප්‍රශ්‍න හින්‍දා ඔහුගේ සමාජ ගෞරවය කියන දේ විනාශ වෙනවා . පවුල විනාශ වෙන්‍න යනවා . ඔහුට තවත් බිරිඳ සමග මේ සමාජයේ නින්‍දා අපහාස නිසා ඉන්‍න බැරි වෙනවා . මෙහෙම වෙන්‍නේ බිරිඳ පිලිබඳව සමාජය හදාගන්‍නා යම් අදහසක් නිසා . පසුවට බිරිඳ ඉයනවා මාව මේ විනාස වෙලා යන විවාහ ජීවිතය ඇතුලේ රකින්‍න යන්‍න එපා ඔබ නින්‍දා අපහාස විඳින්‍නේ නැතුව මගෙන් වෙන් වෙලා යන්‍න කියලා මෙන්‍න මේ විදිහට
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනී...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට...
රුවල් ඉරී ගිය නෞකාවේ...
එහෙම උනත් මේ ආදරණීය ස්‍වාමියා සූදානම් නෑ ඇයි අත් හරින්‍න . මේ ගැටලු නිසා රිදිලා තියන ඇගේ හිත සනසන්‍න උත්‍සාහ කරනවා .නින්‍දා වචන අතරේ ඔහු ආදරණීය වචන එකතු කරලා ඇගේ හිත හදනවා . ඔහුට ඕන නෑ ඇයව අත් හරින්‍න . ඒත් ඒ ආපු කුණාටුවට ඇගේ ගෞරවය විනාසවෙලා යනවා . ඇය සමාජය ඉදිරියේ නිරුවත් වෙනවා . මේ නිසා ඇය පුදුම ලැජ්‍ජා වෙනවා . මේක දකින ස්‍වාමියා තීරණය කරනවා ඇය මේ තරම් ලැජ්‍ජාවට පත්‍වෙනවා නම් ඇය අත කිසි වරදක් නෑ , කුණාටුව නම් ප්‍රශ්‍න ගැටලු ගොඩ ඇයගේ ගෞරවය නමැති රෙදි උනා ඇයව නිරුවත් කොට ඇති බව . පසුව ඔහු ඇගෙ ගෞරවය නැවතත් ආරක්‍ශා කරන්‍නට ඔහු සමඟම තබා ගන්‍නට උත්‍සාහ කරනවා
.දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට...
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම...
ඒත් බිරිඳ කියනවා අපේ විවාහ ජීවිතය දැන් දෙදරලා ,කැඩිලා , බිඳිලා ගිහින් ඉවරයි ,ඒ බැඳීම් දැන් විනාස වෙලා යනවා . ඒකනිසා මට තිබෙන ආදරය ඔබ අතෑරලා දාන්‍න කියලා
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට...
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...
මම වරදක් නොකලත් මට නින්‍දා අපහාස වෙන වෙලාවේ මාව විශ්‍වාසයෙන් ආරක්‍ශාකල ඔබව මම රැකගන්‍න ඕන තවත් ඔබ මා සමග සිටීමෙන් වන්‍නේ ඔබේ ගෞරවය විනාසවීමයි . මම තනි වෙන්‍නම් ඔබ යන්‍න මේ බැඳිම , විවාහය අතෑරලා . ගිහින් ඔබ ගෞරවනීයව ජීවත්‍වෙන්‍න කියනවා මේ බිරිඳ
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින...
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම...
පසුව බිරිඳ කියනවා මට ආදරය කියා මම දන්‍නවා තමයි ,ඒත් මේ විවාහය පවුල කියන බැඳීම් විනාසවෙලා ඉවරයි . මට තවත් මේ ගමනේ අවසානය තෙක් ඔබත් එක්‍ක එන්‍න වීර්‍යය නෑ ඒක නිසා මේ බිඳිලා යන විවාහය කියන නැවේ රැෙඳමින් මෙය ගෙනයන්‍නට උත්‍සාහ නොකර මේ බිෙඳන බැඳීම් සමගම මාව අත්‍හැරලා යන්‍න කියලා . නැත්‍නම් මාත් සමග සිටියොත් තවත් එන කුණාටු වලට මේ බිඳීගිය බැඳීම් සමග මුහුණ දෙන්‍නට නොහැකිව ඔබත් විනාස වේවි කියලා.
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට...
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට...
කතා දෙකක් නිසා බොහොම දිග පෝස්‍ටුවක් වගේ , මේක දෙකකට ලියන්‍ඩ හිතලා අයි මොකෝ දෙකක් එකටම ලියනවා කියලා ලිවේ , නැත්‍තං ඒකේ නිකං ගතියක් නෑ වගේ හිතුනා . කියවලා බලල ඔය හිතෙන මොනවා හරි කුරුටු ගාන්‍ඩ මේක යටින් , ආයෙ ගීත කතාවක් ලියනකොට ගොඩක් වැදගත් වේවි
මහාචාර්‍ය සුනිල් ආරියරත්‍නයන් ගේ ගී සංකල්‍පනා මෙතනින් බලන්‍න
රුවල් ඉරී ගිය නෞකාවේ ගීතය අහන්‍න
මට දැනුනෙ දෙවනි අදහසට සමීපයි.
ReplyDeleteහ්‍ම්....... දෙවෙනි අදහස පලවෙනි අදහසට වැඩිය බොහොම සංවේදී විදියට ලියැවිලා,
Deleteගීතයක් රසවින්දනය කරනකොට අපිට නොයෙක් රූපක මවාගන්න පුළුවන්. නමුත් මේ තරම් ගැළපෙන, මේ තරම් ගීතයට සමීප රූපක හිතට නැගෙන්න ගොඩක් කලාකාමී හදවක්, සංවේදී, විචක්ෂණ හදවතක් තිබෙන්නට ඕනෙ.
ReplyDeleteඉතින් ඔබගේ මේ රසවින්දනය බොහොමත්ම වටිනවා ගොඩක් අගය කරනවා. ඒ විතරක් නෙවෙයි එය මගේද රසවින්දන අර්ථ දැක්වීම කර ගන්නවා.