නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Saturday, July 26, 2014
සෙන් රස කතාව - තේ කෝප්පය
හැමදාමත් එකම දේ කියවනකොට එපා වෙනවානේ , ඒක නිසා මම හිතුවා පොඩි කතා ටිකක් කියන්න.හැමදාම එක කතාවක් දෙකක් වගේ . අපේ බ්ලොග් එකට එන යාලුවන්ට මේ ඒ කතා වල පලවෙනි කතාව කියන්න යන්නේ මේක සෙන් කතාවක්,සෙන් කිව්වම ඉතින් කියන්න ගොඩක් දේවල් තියනවා . ඒවගෙන් වැඩක් නෑ ,මේ පලවෙනි කතාව හරි මම මේ කතාවල් කියන්නේ හැමෝටම තේරෙන බාසාවෙන් හරිය .
එක දවසක් බොහොම ඉගෙනගත්තු මහාචාර්ය වරයෙකුට ඕනේ උනාලු සෙන් ඉගෙන ගන්න . සෙන් කියන්නේ හිත නිවාගෙන අවබෝදයට පත්වෙන ක්‍රමය .ඉතිං මේ මහාචාර්ය තුමා ගියාලු සෙන් ඉගෙන ගන්න ජපන් සෙන් හාමුදුරුකෙනෙක් ගාවට .දැන් මේ පුද්ගලයා අර හාමුදුරුවන්ට කියනවලු බොහොම ආඩම්බරෙන් මම අසවල් විද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් . මට සෙන් ඉගෙනගන්න ඕන . ඔබවහන්සේ මට සෙන් උගන්වන්න කියලා . ඊට පස්සේ මේ හාමුදුරුවෝ කියනවලු සෙන් ඉගෙනගන්න පස්සේ බැරියෑ . අපි ඊට කලින් තේ ටිකක් බීලා ඉමු කියලා . පස්සේ මේ හාමුදුරුවෝ තේ හදන්න පටං ගත්තාලු . කෝප්ප එහෙම හෝදලා වතුර උණු කරලා , තේ මල්ලට තේකොළ දාලා දැන් මේ හාමුදුරුවෝ කෝප්පේට තේ වත්කරනවාලු . මේක බලන් ඉන්නවලු අපේ මහාචාර්ය තුමා . හාමුදුරුවෝ තේ කෝප්පේ පිරිලා ඉතිරිලා යත්දිත් තවත් කෝප්පේට තේ වත් කරනවාලු . මේක දැකපු අපේ මහාචාර්ය තුමා කියනවාලු හාමුදුරුවනේ තේ කෝප්පේ පිරිලා ඉතිරිලා යනවා තවත් ඇයි තේ වත්කරන්නේ ,එපා කියලා .
ඊට පස්සේ මේ හාමුදුරුවෝ කියනවාලු. මේ තමුසෙගේ ඔලුගෙඩියත් මෙන්න මේ වගේ , මේ පිරුණු තේ කෝප්පේ වගේ කියලා . අනවශ්‍ය ඕන නැති දැනුමෙන් ,යෝජනා වලින් ,ගැටලු වලින් තමුං ගේ ඔලුව පිරිලා ඉතිරිලා යනවා .තවත් දෙයක් දාන්න ඉඩ නැතුව මේ පිරුණු තේ කෝප්පේ වගේ. ඉතිං මම කොහොමද තවත් සෙන් උගන්වන්නේ තමුසෙට . ඉස්සෙල්ලාම ගිහින් ඔය ඔලුව හිස් කරගෙන එනවා . සෙන් ඉගෙනගන්න ඔය මොනවත් ඕන නෑ කියලා.
මම ඔබට කියන්නේ මේ ජීවිතයේ අවබෝදයට පත්වෙන්න ඔය ඔබ ගොඩ ගහගෙන ඉන්න අනවශ්‍ය දැනුමෙන් කිසිම වැඩක් නෑ ... කියලා සියලු දැනුමෙන් නිදහස් වූ තැන තමයි අවබෝධය තියෙන්නෙ කියලා
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම අපිත් කොයි තරම් නම් අනවශ්‍ය දේවල් වලින් ඔළු පුරෝ ගෙනද?
ReplyDeleteනියමයි බිනෝල්, හිතන්න යමක් තියෙන සරල කතාවක්.
Mage ada teaching part eka oyage kathwa aththmai api godak ewa oluwe dagen innwa
ReplyDeleteLassanai. Me wage podi katha thawa danna. Ada mage teaching part eka me kathawa
ReplyDelete