නමෝ තස්‍ස භගවතෝ අරහතෝ සම්‍මා සම්‍බුද්‍ධස්‍ස
Saturday, June 21, 2014
අපේ කාලයේ බණ අහන මිනිස්‍සු 2 කොටස
තවම දර්‍ම දේශනාව පටන් ගෙන නැති හින්‍ද ගොඩාක් අය තවම එනව මට නිකමට වගේ බැලුන මේ අය ඇඳගෙන එන ඇඳුම් දිහ ගොඩාක් අය චෝදනා කරනව වර්‍තමානයේ පන්‍සල් වලට සුඳු ඇඳුම් අඳින්‍නේ නැතුව පාට ඇඳුම් අඳිනවා කියල අනේ මටනම් බොරු කියන්‍න ඕන නෑ ආපු හැමෝම වගේ සුදු ඇඳුම් ඇඳල හිටිය ඔය පිරිමි අය කවුරු හරි කෙනෙක් සුදු කමිසයක් එක්‍කෙ කලු කලිසමක් ඇඳලා හිටිය මිස . ඒත් මේකෙ තියන අන්‍තිම බලු වැඩේ (මට මේකට මීට වැඩිය හොඳ වචනයක් එන්‍නෙ නෑ ) තමයි සුදු ඇඳුම පාට ඇඳුමක් අඳිනවට අන්‍ත වීම . විශේෂයෙන්‍ම මැදි වයසෙ ගෑනු අයයි කෙල්‍ලොයි . පිරිමිනම් ඉතින් මොක කියල පෙන්‍නන්‍නද නේ... ? පන්‍සලට එනකොට අඳින ඇඳුම ඇඟ වැහෙන්‍න අඳින්‍න ඕනනේ ගෑනු ලමයෙක් කලිසමක් ඇඳලා හැබැයි සුදු , කලිසමේ දිග අඩි බාගයක් විතර , ඇඳලා තියන්‍නෙ සුදු ස්‍කිනියි එකක් (ස්‍කිනි කිව්‍වම මම හිතන්‍නෙ ඕන කෙනෙක් දන්‍නව ඇඳුම මොකක්‍ද කියල ) උරිස්‍සෙන් එල්‍ලෙන්‍නෙ පුංචි නූල් කෑලි දෙකකින් , ඒකට යටින් ඇඳලා තියන රතුපාට එකේ පටි දෙකත් පේනව . හරිද වැඩේ මම අහන්‍නෙ ඇඳුම සුදු උනාට ? තව එක්‍කෙනෙක් ටී ෂර්ට් එකක් ඇඳලා සුදු පාට කකුල් දෙකට ඇඳලා තියන්‍නෙ ලෙගින්‍ස් කියන කලිසමක් (මේකත් නම කිව්‍වම දන්‍නව මම හිතන්‍නෙ ,නැත්‍නම් අර ඉස්‍කෝලෙ නැටුම් කරනකොට අපේ කාලෙ ගෑනු ලමයි නටනකොට ගවුම උඩ යනකොට කකුල් පේනවට ඇඳපු හිර කලිසම ,ආ......මතකයි නේ .ඒක අපේ කාලෙ යටට ඇන්‍ඳට දැන් අය උඩට අඳිනවා ) දැන් අර පතෝල කරල් දෙක වගේ කකුල් දෙකයි අර මොකක්‍ද වගේ පොඩි අර පැත්‍තයි ඔක්‍කොම කැපිල පේනව . මේ කලිසම ලේස් වලින් ගොතපු එකකුත් ඇඳගෙන ඇවිත් හිටිය කෙනෙක් මරු නේ....... හරිද වැඩේ ඇඳුම සුදු උනාට. තව කෙනෙක් ලස්‍සන සුදු දිග ගවුමක් ඇඳගෙන ඇවිත් හිටිය කොච්‍චර දිගද කියනව නම් වැලි මලුවෙ බෝ මලුවෙ කොලත් අතුගෑවෙනව ඒ තරමට දිගයි පන්‍සල් අඳින්‍න කියාපු ගවුම මම පහු කරගෙන ඉස්‍සරහට ගියාමෛ දැක්‍කෙ ඒකෙ පිටිපස්‍සෙන් පලුවක් විතර නෑ කියල . අර එකක් අඳින්‍නෙත් නැතුව ගවුමම හිර කරල මහල ඇඟ බේරෙන්‍න ඉස්‍සරහටත් මොකක්‍දෝ කරල වෙන්‍න ඇති මම හිතන්‍නෙ කලුම කලු කෙල්‍ලෙක් සුදු ඇඳලා . තව ගොඩක්‍ක් කියන්‍න පුලුවන් වැඩක් නෑ ආ...... අමතක උනා අපේ ආන්‍ටිල ටික ඊට දෙවෙනි නෑ දිග සායක් ඇඳලා සුදු බ්‍ලවුස් එකක් ඇඳපු ආන්‍ටි කෙනෙක් දෙකම නම් සුදු බ්‍ලවුස් එක නිකන් නෑ වගේ ඇඳලා හිටියට ඒ තරමට දුහුල් ,තුනී එකක් . අර යටට ඇඳලා තියන තද රෝස පාට අහවල් එක දකින අයට පේන්‍නෙ ඒක විතරක් ඇඳලා වගේ තව ඒව තියනව ඕන නෑ මට හිතෙනව ('' ඒ අමා නිවන් මඟ'' ලියන කෙනා මේ මොනවද කතාකරන්‍නෙ කියල හිතන්‍න එපා මේ තමයි ඇත්‍ත අද ලංකාවෙ මේක කියවන කෙනෙක් මීට පස්‍සෙ මේවට ඉඩ නොදේවි කියන එක මගේ බලාපොරොත්‍තුව මේව ලියන කොට ද්‍වේශය වැඩි වෙනව )තව එක කාරණයක් මම මේ ගැන කියන්‍නම් බොහොම ලස්‍සනට සුදු ඇඳලා එනවාලෙයර්ස් කපපු කොන්‍ඩෙ එක එක පාට දාල විචූරණ කරපු කොණ්‍ඩෙ කඩාගෙන සුදු මූණෙ මේක් අප් එක ,පුහ් .... කියල වැඩක් නෑ කරමලේ රතු සුදු කිකිලියක් වගේ . ඒකරල වමට වැටෙන පෙන්‍ඳ දකුනට දානව , දකුනට වැටෙන පෙන්‍ඳ වමට දානව ඒ කරල පන්‍සලෙන් යනකම් ඉන්‍න කොල්‍ලො දිහා බල බල 1000ස් සැරයක් ටික කාලෙකින් සුදු වෙලා දිරල , මැරිල වැටිල යන දවසක් නෑවෙ නැත්‍නම් දාඩිය ගඳ ගහන කොන්‍ඩෙ හදනව . මැදි වයසෙ ගෑනු අයගේ මූණ ඊට වැඩිය බලන්‍න අජූවයි . තමන් ගේ ගිලිහිලා යන තාරුණ්‍යය රැක ගන්‍න දරන අප්‍රමාණ වෙහෙස ,මහන්‍සිය මූණේ උලල තියන ආලේපන තට්‍ටු ගානෙන් කියන්‍න පුලුවන් . මම මේ නාකි නාඩගම් ගැන වෙන ලිපියකින් කතා කරන්‍න් බලා පොරොතු වෙනව . ඉතින් මම අහන්‍නෙ මෙහෙම සුදු ඇන්‍දම හරිද පන්‍සලට . බොහොම කරුණාවෙන් කියනව ඔබේ බ්‍රිඳ , ඔබේ දුව මෙහෙම නම් ඔබේ අම්‍ම ,ඔබේ සහෝදරිය මෙහෙම නම් ඔවුන්‍ට කියාදෙන්‍න ඔවුන් මේ යන්‍නට හඩන්‍නේ කොතනටද කුමකටද කියා මම යෝජනාවක් කරනවා යන්‍න ඕනම සිද්‍ධස්‍ථානයකට ලස්‍සනට සුදු සායක් ඇඳලා හැට්‍ටයක් (බ්‍ලවුස් එකක් ) ඇඳලා කොණ්‍ඩේ තනි කරලට ගොතලා නැත්‍නම් එක මිටකට බැඳලා මූණෙ මොනවත් ගාන්‍නෙ නැතුව ලස්‍සන හිනාවකින් මුව සරසගෙන මානෙල් මල් මිටිය ක් ඉද්‍ද මල් වට්‍ටියක් අරගෙන ලස්‍සනට, ඔසරිය ඇඳපු අම්‍මත් එක්‍ක සංවරව ඔබ දෙන්‍න දිහා බලන දකින මිනිස්‍සු කාම රාග පටිඝ සිතුවිලි ඇති කරගන්‍නෙ නැතුව ෙෙමත්‍රී චිත්‍තයන් සකස් කර ගනීවි තව ගොඩක් දේ තියනව කියන්‍න හෙමින් කියවමු තවම දර්‍ම දේශනාව පටන් ගත්‍තෙ නෑ (මේක එක දිගට ලියන්‍න ආසයි වෙලාව තමයි ඊලඟ ටිකත් ඉක්‍මනට ලියන්‍න තමයි ට්‍රයි එක )
Subscribe to:
Post Comments (Atom)
කියවලා දාන්‍න කමෙන්‍ට් එකක් ඔබේ කමෙන්‍ට් අපගේ මොරාල් අප් කරයි
ReplyDelete