මම මේ ලියන්‍න යන්‍නෙ මම අත් විඳපු අත් දැකීමක් .තමංගේ ආගම කියන දේ නිකන් මෝස්‍තරයක් කරගත් ලංකාවෙ ඉන්‍න අනුවණ ලේබල් බෞද්‍ද බහුතරය ගැන තමයි මේ කියන්‍න යන්‍නෙ . ලියන භාෂාවත් කියවන භාෂාවත්‍නැතුව අපි කතා කරන වගේ බොහොම සරල බස් වහරක් මම මේක කියන්‍න යොදා ගන්‍නව . මොකද මම මේ කියන්‍න යන දේ හැට පැනල හොට බිම ඇනිල ඉන්‍න නාකි මිනිස්‍සුන්‍ට කිව්‍වට වැඩක් නෑ සමහරවිට ඔය මධ්‍යම වයසෙ ඉන්‍න අයටත් මේක අදාල වෙන්‍න පුලුවන් . වයසක අයට මේව කිව්‍වට ඒ අයට මේව හදාගන්‍න කාලයක් නෑ මම හිතන්‍නෙ ඒක වගේම ගොඩාක් බ්‍ලොග් ලියන්‍නෙ කියවන්‍නෙ තරුණ අය හින්‍ද තරුන අයයි , තව මොනව හරි තමංගේ සංසාරික විමුක්‍තිය වෙනුවෙන් කරගන්‍න පුලුවන් අයයි මේ ක කියවල හැදුනොත් හොඳයි
හරි මේකයි කතාව මම ලඟදි දවසක ගියා ලංකාවෙ බොහොම ප්‍ර්‍සිද්‍ධ ධර්‍ම දේශකයාණන්‍වහන්‍සේ නමකගේ බොහොම වටිනා දේශනාවක් අහන්‍න මේක තිබුනෙ ආරණ්‍ය සේනාසනයක . දේශනාව අහන්‍න මම හිතන්‍නෙ 2000ක් විතර වගේ ඇවිත් හිටිය . ආරණ්‍ය සේනාසනයට ඇතුල් වෙනකොටම මම බැලුව වටපිට ලංකාවෙ ප්‍ර්‍සිද්‍ධ එක සමාගමකින් එන අයට කිරි කෝපි දෙනව . තව සමාගමකින් කිරි තේ දෙනව . ඒ අතරෙ ආරණ්‍ය සේනාසනයෙ කට්‍ටිය එකතු වෙලා බෙලිමල් හකුරු එක්‍ක ක්‍රීම් ක්‍රැකර් බිස්‍කටුයි කෙසෙල් ගෙඩි දෙනව . ආ.... මට කියන්‍න අමතක උනා මේ පෝය දවසක් හරි . මමත් හවස හින්‍ද කොහොමත් තේ එකක් බොන හින්‍ද කෝපි එකක් අරගෙන බණ අහන්‍න වාඩි වෙන්‍න තැනක් බැලුව සෙනඟ ගොඩයි පෝයටකොහොමත් වන්‍දනා කරන්‍න ආපු අයයි.බන අහන්‍න දුර ඉඳලා වාහන වලින් ආපු අයයි ගොඩක් අය
මං ලිපියෙ ලියන කිසිම දෙයක් කරන්‍න එපා කියල කියන්‍නෙ නෑ , එහෙම කියන්‍න ගියොත් වෙන්‍නෙ මේ ලිපිය ගොඩාක් දික් වෙන එක. මම මේ ලියන හැම දෙයක්‍ම කියවන ඔබට පුලුවන් මම කරන්‍න ඕන මොනවද කියල හිතාගන්‍න නොකරන්‍න ඕන මොනවද කියල හිතා ගන්‍න මම ලියන ගොඩාක් දේවල් කරන්‍න එපා කියන එක තමයි මම කියන්‍නෙ
මේ පලවෙනි කාරණේ , මම කිව්‍වනෙ කෝපි එකක් අරන් මම ඉඳගන්‍න තැනක් බැලුව කියල සමහර අය ඉඳගන්‍න තැන් හොය හොයඇවිදිනව මම බැලුව ඇයි කියල හැමෝගෙම බලාපොරොතුව දර්‍මාසනය පනවලා තියන ශාලාවෙ වාඩි වෙන්‍න . මිනිස්‍සු 2000 කට විතර කොහොමත් ඒකෙ ඉඳගන්‍න බෑ ඒත් පොරකනව . . හැම තැනම වීඩියෝ තිර දාල තිබුනා බලාගෙන අහන්‍න ඒත් පොර කනව . සමහර අය හොඳ සැපට ඉඳගෙන බණ අහන්‍න තැන් හොයනව . දර්‍ම දේශනාවක් අහන්‍න යන එකේ බලාපොරොතුව වෙන්‍න ඕන ඒක අහල ඒ අනුව ජීවත් වෙලා නිවන් අවබෝධ කරගැනීමනෙ . ඇහෙනව නම් කියන දේ කොහෙ හිටියම මොකද ?
මට ඇතුලට ගිහින් හිරවෙන්‍න බැරි හින්‍දම ඇතුල් වෙන තැනම ගේට්‍ටුව ලඟ පැත්‍තකින් ඉඳගත්‍ත . කෝපි එක බොන ගමන් මට පේනව කෝපි බීපු අය කෝපි බීල බෙලි මල් බොනව , බෙලි මල් බීල කිරි බොනව බිස්‍කට් අහුරු පිටින් කනව . සමහර අය බිස්‍කට් කෙසෙල් ගෙඩි ගෙදර ගෙනියන්‍න මලු වලට දානව . පොඩි ලමයින්‍ට එපා වෙනකම් පොවනව කවනව . මේ අය බණ අහන්‍නද දන්‍සල් වඳින්‍නද ඇවිත් ඉන්‍නෙ කියල හිතුන
කොහොම හරි සමහර අය ඇවිත් ඉඳගන්‍න පටන් ගත්‍ත මට ඉස්‍සරහිනුත් . මෙන්‍න බොලේ බණ අහන්‍න ඉඳගන්‍න පුටු ගෙනත් . දැන බොහොම ජනප්‍රියයි නේ මේ ජංගම පුටු , අකුලල අරන් ගිහින් ඕන් තැනක තියල ඉඳගන්‍න පුලුවන් . අපේ මිනිස්‍සුන්‍ට නිවන් යන්‍නත් ඕන බොහොම සැපට ඉන්‍ඳගෙන මම මේකට පැහැදිලිවම විරුද්‍ධයි . එක අපේ සංස්‍කෘතිය තුල පුටුවල ඉන්‍ඳගෙන බන අහන සිරිතක් නෑ ඒක එකක් . බුදුන් වහන්‍සේ එහෙම අයට දර්‍මය කියන්‍න එපා කියල තියනව .හරි ඒක කොහොම උනත් මේ පුටුවල ඉඳගෙන ඉන්‍න් නාකි මෝඩ ගෑනු පිරිමි ටිකක් වෙලා යනකොට නිඳිය ගන්‍නව මෙතනදිත් එහෙම උනාඅ පුටු ගෙනත් ඉඳගත්‍ත නාකි මිනිස්‍සුන් ගෙන් බාගයක් විතර පැයක් යනකොට නිදියගත්‍ත . බිම ඉඳගත්‍තත් නිඳියගන්‍න වයසක මිනිස්‍සු පුටුවල කොහොම ඉන්‍න ඇත්‍ද ඔබට හිතා ගන්‍න පුලුවන්‍ද?
පටන් ගන්‍න කලින් හොඳට කාපු බීපු අය පුටුවල ඉඳගෙන බණ අහන්‍න පටන් ගත්‍ත
No comments:
Post a Comment
කියෙව්‍වාට පස්‍සේ හිතෙන දේ ,යෝජනා , චෝදනා , අදහස් ඕනම දෙයක් ලියලා යන්‍න . ඔබේ අදහස් අපට බොහෝ වටී